‘කොවිඩ් 19’ තවමත් ගෝලීය හදිසි තත්ත්වයක් ‘කොවිඩ් 19’ වයිරස වසංගතය තවමත් ගෝලීය හදිසි තත්ත්වයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පැවැසුවේ, ‘කොවිඩ් 19’ වසංගතය අවසන් වුණැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟය. 21 September 2022
ඉන්දීය ධීවරයන්ට භූමිතෙල් විකිණීමේ ජාවාරමක් ධීවරයන් සඳහා නිකුත් කරන භූමිතෙල් ඉන්දීය ධීවරයන්ට වැඩි මිලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියකු පැවසීය. 21 September 2022
’’ලංකාවට හැකි සෑම අයුරින්ම උදව් කරනවා’’ ශ්‍රී ලංකාවට හැකි සෑම අයුරින් තවදුරටත් උදව් කරන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 21 September 2022
ජනපති යළි දිවයිනට බ්‍රිතාන්‍යය එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා එංගලන්තය බලා ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය සංචාරය නිමා කර කටුනායක ගුවන් තොටුපළ වෙත අද (21) උදෑසන පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 21 September 2022
එරෝෆ්ලොට් යළි ගමන් අරඹයි එරෝෆ්ලොට් ගුවන් සමාගම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවා තිබූ ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි ඒවියේෂන් සෝර්ස් වෙබ් අඩවිය වාර්තා කළේය. 21 September 2022
හරීන්ට ඩයනලා පැටලෙයි සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අවස්ථාවේදී සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ඩයනා ගමගේ මහත්මියගේ සහ ඩයනා කුමරියගේ නම පැටලිණි. 21 September 2022
වරායේ දොඹකරවලට තරුණ ළඳුන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දොඹකර ක්‍රියාකරවන්නියන් ලෙස තරුණ කාන්තාවන් වැඩි වශයෙන් බඳවා ගැනීමට පියවර ගන්නා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 21 September 2022
වී අලෙවි මණ්ඩලය වී ඇටයක්වත් මිලදී නොගත් අවුරුදු දෙකක් වී අලෙවි මණ්ඩලය විසින් 2016න් පසු ඇතැම් කන්නවල වී ඇටයක්වත් මිල දී ගෙන නැති අවස්ථාත් වාර්තා වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 21 September 2022
සමාජ ආරක්ෂණ පනතට කතානායකගේ සහතිකය සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (20) සිය සහතිකය සටහන් කළේය. 21 September 2022
මහේෂ් තීක්ෂණ සැරයන් නිලයට උසස් කරයි ආසියානු කුසලාන ක්‍රිකට් ශූරයන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික කළ යුද හමුදාව නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ සැරයන් නිලයට උසස් කිරීමට යුද හමුදාපතිවරයා පියවර ගෙන තිබේ. 21 September 2022
ලක්ෂ 18ක පුපුරන ද්‍රව්‍ය අල්ලයි බලපත්‍ර නොමැතිව රුපියල් ලක්ෂ 18 ට අධික පුපුරන ද්‍රව්‍ය තොගයක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු දොම්පේ පනන්වල විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත. 21 September 2022
පළාත් කීපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) වැසි ස්වල්පයක් ඇතිවනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 September 2022
එන්නත් මගින් තරුණ තරුණියන් මත් කළ මව දියණිය මාට්ටු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන්ට එන්නත් මගින් එම මත්ද්‍රව්‍ය ලබාදී රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපයූ බව කියන මවක සහ දියණියක කඩුගන්නාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 21 September 2022
කන්දකාඩු රැඳවියකුගේ සිරුරුක් පාළු නේවාසිකාගාරයක පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරෙහි පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියකුගේ සිරුරු එහි පාළු නේවාසිකාගාරයක තිබී හමු වූ බව වැලිකන්ද පොලිසිය කියයි. 21 September 2022
සේවකයන් තුලනයට අන්තර්ජාල උපාංගයක් ‘කොවිඩ්’ වසංගතය අවසන් වීමෙන් පසුව ආයතනය මුහුණදී සිටින ප්‍රධාන ගැටලුවක් වන සේවා ස්ථානවලට නැවත පැමිණෙන සේවකයන් තුලනය කිරීම සඳහා ‘පවර්ඩ් වර්ක් ස්පේස්’ නැමැති අන්තර්ජාල උපාංගයක් හදුන්වා දී තිබේ. 20 September 2022
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විදුලිය කපයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ 2 පිහිටි ප්‍රධාන කාර්යාලය ආසන්නයේ කුලී පදනම මත ලබාගෙන ඇති ‘ස්කවුට්’ ගොඩනැගිල්ලේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් අද (20) පෙරවරුවේ විදුලිය විසන්ධිකිරීම නිසා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රාජකාරි කිරීමට නොහැකි වූහ. 20 September 2022
ගලගොඩඅත්තේ හිමිට එරෙහි නඩුව දෙසැම්බර් 12 ජාතින් අතර ආගමික සංහිදියාව බිදියන ආකාරයේ ප්‍රකාශයක් මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් කළ බවට ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට එරෙහි නඩුව දෙසැම්බර්12 විභාගයට ගැනිමට කොළඹ මහාධිකරණ දින නියම කළෙය. 20 September 2022
රටේ තුනෙන් එකක් බඩගින්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවේ දැක්වේ. 20 September 2022
රිෂාඩ් නිවසේ මරණය ගැන තවත් සාක්ෂියක් වැඩ කළ නිවසේ දී නංගීට නොයෙකුත් කරදර සිදු වී ඇති බවත් නිවසට ගියහොත් මෙම සිද්ධීන් හෙළි වනු ඇතැයි බියෙන් නංගිට මේ දේ කරන්නට ඇතැයි තමා සිතන බවත් රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී සිරුරට ගිනි ඇවිලී මියගිය ඉෂාලනී නම් දැරියගේ සහෝදරයා වන විග්නේෂ්වරන් තිරු ප්‍රසාද් නැමැත්තා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (20) ප්‍රකාශ කළේය. 20 September 2022
සතොස හිටපු සභාපති හෙට තෙක් රිමාන්ඩ් රුපියල් ලක්ෂ 31 කට අධික වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන හෙට (21) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (20) නියෝග කළේය 20 September 2022
ජනාධිපති සමඟ රට ගිය අය ගැන ජනපති කාර්යාලය කරුණු කියයි දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිල ආරාධනය අනුව සහභාගී වූයේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීන් පමණක් බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. 20 September 2022
ලාංකිකයන් හත් දෙනා මුදවා ගැනීම: යුක්රේනය තවමත් නිල ප්‍රකාශයක් කර නෑ යුක්රේනයේ කාර් කිව් ප්‍රදේශයේදී රුසියානු හමුදා ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකු මුදාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (20) සවස් වනතුරුත් යුක්රේන රජය නිල ප්‍රකාශයක් ලබා දී නැතැයි විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර් ග ප්‍රකාශ කළේය. 20 September 2022
විදුලි ගාස්තු සංශෝධනය: ත්රෛයිනායක නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ඇතැම් ක්ෂේත්‍ර තුළ සාධනීය වෙනස්කම් සිදුකළ යුතුව තිබුණත් මහජන අරමුදල් අවභාවිතාව හා විනාශය වැළැක්වීමට නිසි යාන්ත්රීකණයක් සකස් නොකර ආර් ථික අර් බුදයේ සමස්ත බර මහජනතාව වෙත පටවමින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව නව විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් ආගමික සිද්ධස්ථාන මුහුණදෙන දැඩි දුෂ්කරතාවට පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරමින් ත්‍රෛයිනිකායික මහ නාහිමිවරුන් විසින් ඒකාබද්ධ ලිපියක් යොමුකොට තිබේ . 20 September 2022
රට පුරා ත්‍රි පෝෂවල විෂ කාරකයක් දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ළදරුවන් සහ මවුවරුන් අතර බෙදා හැර ඇති ත්‍රී පෝෂ වල ඇල්ෆාට්රොීක්ෂීන් නම් වූ විෂ කාරකය අඩංගු වී ඇති බවට අනාවරණය වී නිසා එවා ත්‍රී පෝෂ ආයතනය විසින් එකතු කිරීමට කටයතු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. 20 September 2022
දේශීය ආදායම් ගොඩනැගිල්ලේ ලයිට් කපලා: නිලධාරීහු එළියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ 2 පිහිටි ප්‍රධාන කාර්යාලය ආසන්නයේ කුලී පදනම මත ලබාගෙන ඇති ‘ස්කවුට්’ ගොඩනැගිල්ලේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් අද (20) පෙරවරුවේ විදුලිය විසන්ධිකිරීම නිසා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රාජකාරි කිරීමට නොහැකි විය. 20 September 2022
හදිසි කොන්දේසියෙන් ඉන්ධන ගෙන්වීමේ ව්‍යාපෘතිය කොට උඩ විදේශ සමාගම්වලට මෙරටට ඉන්ධන ආනයනය කර අළෙවි කිරීමේ හිමිකම් ලබාදීමේ ව්‍යාපෘතිය බලශක්ති අමාත්‍යංශය එකවර ඉදිරිපත් කළ කොන්දේසි කීපයක් හේතුවෙන් අතරමග නතර වී ඇති බව වාර්තා වේ. 20 September 2022
ව්‍යාපාරිකයාගේ මල්ල කොල්ලෑ අරගල ක්‍රියාකාරු මාට්ටු සල්ලි බෑගයක් යැයි සිතා ව්‍යාපාරිකයකුගේ ගෙල මිරිකා බෑගයක් කොල්ලකෑ අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු ඇතුළු තිදෙනකු බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි. 20 September 2022
ජනාධිපති බ්‍රිතාන්‍ය ඩයස්පෝරාව හමුවෙයි සමෘද්ධිමත් ලාංකික ජාතියක් බවට පත් වීම සඳහා එකට එක්ව සටන් කරමු යැයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇරැයුම් කළේය. 20 September 2022
දකුණේ ගම් රැසක දරුවන්ගෙන් සියයට 80 කට මන්ද පෝෂණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ඇතුළු ප්‍රදේශ රැසක දරුවන්ගෙන් සියයට අසූවක්ම මන්ද පෝෂණ තත්වයට ගොදුරු වී තිබෙන බවත් ඊට නිසි විසදුම් ලබා දිමට කඩිනම් පියවරක් ගත යුතුව ඇති බවත්,එසේ නොවුනහොත් දරු පරපුර දරුණු අඝාදයකට ඇදවැටෙණු ඇති බවත් වෛද්යි හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති,හම්බන්තොට හිටපු සෞඛ්‍යද සේවා අධ්‍ය ක්ෂ වෛද්‍ය ජී.ජී.චමල් සංජීව මහතා පැවසීය. 20 September 2022
ලංකාවෙි නව දුප්පතුන් පිරිසක් බිහිවෙලා ලංකා ආර්ථිකය පහෙන් එකකින් සංකෝචනය වෙමින් තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 20 September 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026