IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යාල්දේවි පීලි පැන්නත් මගීන්ට බාධාවක් නෑ

(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )

යාල්දේවි දුම්රිය පීලිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන දුම්රිය වල මගින් මැදවච්චිය සහ වව්නියාව අතර බස් රථ වලින් ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . ඒ අනුව කොළඹ සිට මැදවච්චිය දක්වා ධාවනය කෙරෙන දුම්රිය වල මගින් මැදවච්චියේ සිට වව්නියාව දක්වාත් කන්කසන්තුරේ සිට කොළඹ බලා යන මගින් වව්නියාවේ සිට මැදවච්චිය දක්වාත් බස්රථවලින් ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා ඇතැයි දෙපාර්තමේන්තුව ප්‍රකාශකයකු පැවසීය . මේ අතර මෙම පීලිපැනීම නිසා ඊයේ(06) පෙරවරුවේ කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ නගරාන්තර දුම්රිය අවලංගු කෙරුණු අතර සෙසු දුම්රියන් කොළඹ සිට මැදවච්චිය දක්වාත් කන්කසන්තුරේ සිට වව්නියාව දක්වා ද සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි .



අදහස් (0)

යාල්දේවි පීලි පැන්නත් මගීන්ට බාධාවක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site