(ශානුක අරවින්ද)
කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හෙට (7) සිඩ්නි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.
අධිකරණයේ ක්‍රියාදාමයන් සමීපව නිරීක්ෂණය කරන බවද, අන්තර් ජාතික ක්‍රිකට් සභාව සමග සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා එහිදී වරදකරු වුවහොත් ක්‍රීඩකයාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
සම්පූර්ණ විස්තරය සඳහා https://tinyurl.com/26wk9hhc වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ධනුෂ්කගේ පළවෙනි කේස් එක නෙවෙයි...!
තරගාවලිය අතරතුරදී විනය පවත්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කණ්ඩායමේ කලමනාකරු සහ නායකයා ඉල්ලා අස්විය යුතුයි. නැත්නම් ඉවත් කරන්න. තරගාවලියක් අතරතුරදී ක්‍රීඩකයින්ට තමන් කැමති පරිදි රස්තියාදු ගහන්න පුළුවන්ද?
ගෙදරටම ගෙන්නාගෙන වැඩේ කරගත්තට පස්සේ නඩු දාන්නේ වන්දි ගන්න වෙන්නත් බැරි නැහැ. එහෙම කරන ගෑනු ඉන්නවා. ප්‍රසිද්ධ වෙන්න මේවා කරන ගෑනුත් ඉන්නවා. තමන්ට ළමයා දුන්නේ අරයා කියලා ප්‍රසිද්ධ මිනිසුන්ගේ නම් කියලා මාධ්‍ය අවධානය ගන්න අයත් ලෝකේ ඉන්නවා. මේක ගැන හරියටම හොයා බලලා ඉමු. මෙයාගේ චර්යාව හොඳ නැති බව ඇත්ත. ඕනෑම සාමාන්‍ය පිරිමියෙක් මේ වැඩේට කැමතියි. දැන් මෙතන මෙයාට බැනලා ලියන වුණත් ඇත්ත කතාව එහෙම තමයි. නමුත් ගැහැණු ගැටවලට අහු නොවී මේ වැඩේ කරගන්න දැනගන්න ඕනෑ. සල්ලි දීලා නීත්‍යානුකූල තැනකින් ෂේන් වොන් වගේ වැඩක් ගත්තා නම් මෙහෙම වෙන්නේ නැහැනේ... !!!
ලංකාවේදී වගේ පොලිසියටයි, දේශපාලකයන්ටයි කියලා වැඩේ ෂේප් කරන්න ඕස්ට්‍රේලියාවේ වගේ රටක බැහැ. රටක නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දැන් තේරෙයි... හැබැයි මෙයාට ඒ කාන්තාවට ලොකු ගානක් දීලා වැඩේ ෂේප් කර ගන්න පුළුවන්. නඩුව දිගටම ගියොත් අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සල්ලි නඩුවට වියදම් කරයිද දන්නේ නැහැ. කොහොම වුණත් මෙයා තුවාල වුණු වෙලාවේ ආපහු ලංකාවට එවන්නේ නැතුව එහෙ තියාගත්තේ මොකද? ආරංචියේ හැටියට මේ ගොල්ලෝ ක්‍රිකට් ගහනවට වඩා පාර්ටි වලට ගිහින් තියෙනවා. දුර්වල කළමනාකරුවෙක් කණ්ඩායමේ ඉඳලා තියෙන්නේ. කොහොම වුණත් ටික කාලෙකින් මෙයා නැවතත් කණ්ඩායමට රිංගනවා. රටක නීතියක් නැතිවුණාම හැම තැනක්ම පරිහානියට පත්වෙනවා.
මොහු මෙවැනි දේට අසුවුණු පළමු අවස්ථාව මෙය නොවේ. අපි නොදන්න ක්‍රිකට් ආයතනයේ දැඩ් ක්‍රියාමාර්ග. හෙට උසාවි දැම්මාම. ඇප දෙන්න දික්වැල්ලව ඇරියා නම් හරි. දැන් බෝට්ටුවෙන්වත් ඕස්ට්‍රේලියා ගිහින් ඉවරයි...!
ගියසැරෙත් එංගලන්තයට ගිහින් කරපු වැඩේට සමාව දීපු එකේ වරද, නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති වුණාට දියුණු රටවල්වල නීතිය හොඳට ක්‍රියාත්මක වෙනවා. නැතිනම් වැරැදි පාරේ ගිහින් මිනිහෙක් හප්පලා මරලා පැනලා ගිය අයත් අපේ ඉන්නවා. වරද කාගෙද කියලා කියවන ඔබ සැම තේරුම් ගෙන හොරුන්ට, අරක්කු බිස්නස් කරන, කප්පම්කරුවන්ට, ඡන්දෙ දීපුවම වෙන්නේ මොනවද කියලා මෂ්තිෂ්කයට පණිවිඩයක් යවලා බලන්න.
යම්කිසි රටක, රට පාලනය කරන නායකයෝ හොරු, උසාවියෙන් වැරදිකරු වුණු මිනීමරුවෝ, කප්පම්කරුවෝ, ඒතනෝල් ජාවාරම් කාරයෝ, මාල හොරු නම් ක්‍රිකට් පාක මණ්ඩලය හසුරවන්නේ බුකීකරුවෝ නම්, ක්‍රිකට් ක්‍රීඩකයෝ කරන්න රස්තියාදුකාර සල්ලාලයෝ නම් ඒම රටේ ක්‍රිකට් ක්‍රීඩාව වල පල්ලට යන ඒක පුදුමයක්ද? ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය මැච් දිනන්නේ එහේඉහළ සිට පහළට හොඳ විනයක් තිබෙන නිසා.
ඔස්ට්‍රේලියාවේ නීතිය නමන්න බැරි වේවි. ඒහේ වරදකාරයා වුණොත් හිරේ යන්න සිදුවේවි.
ලංකාවේදී ක්‍රීයාත්මක වෙන්නැති නීතිය පිටරටල්දී හරි ක්‍රියාත්මක වී මොහුට දැඩි දන්ඩුවන් ලැබේන්න ඕන, එය ලංකාවේ ක්‍රිකට් වලටද හොඳයි.
පිටිගල හැරුණාම මෙතන අදහස් දාපු ඔක්කෝම කන්නාඩියෙන් මූණ බලාගෙන චීත්ත කෑල්ලකින් මූණ පිහදාගන්න. මැච් වලටත් නැත්නම්, ලංකාවට යැව්වෙත් නැත්නම්, මේ දේටත් කැමති නම් ඒක එයාගේ අයිතිය. වැඩේ බැලන්ස් කරගන්න බැරිවුණු එකයි අවුල...
මෑතකදී එංගලන්තයේදී මේ වගේ හැසිරුණු කෙනෙක් නයිට් ක්ලබ් ගිහිල්ලා අහුවුණා... ඒවා ලංකාවේදී ෂේප් කරගත්තා... ඉන්පසු බීලා වාහනය 60-60 එළවලා පානදුරේ අහිංසක කොල්ලෙක්ව මරලා නීතියට පිත්ත පෙන්නලා තව ක්‍රීඩකයෙක් බේරුණා..! මේ අය හිතාගෙන ඉන්නේ 'ඔසි-නීතිය' පිත්තට නැමෙයි කියලා..! මෙයාට අනිවාර්යයෙන්ම අවුරුදු 12 ක් හිරේ තපින්න වෙනවාමයි..! මොකද ඒ කරපු වැඩේ වීඩියෝ දත්ත එක්ක පොලිසියට දීලා කියලයි ආරංචිය..!
අපිට ඕනේ වැඩ කරායෝ මිස .... කාරයෝ නෙවෙයි. ඕනි එකෙකුට පුළුවන් ඔහොම වෙන්න. ඒත් වැඩකාරයෙක් වෙන් හැමෝටම බැහැ.
මෙයාව හිරේ යවන්න. අනිත් එවුන්ට පාඩමක් ඉගෙන ගන්නත් එක්ක.