(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ නවක සිසුන් පිරිසකට සමාජ මාධ්‍ය ඔස්සේ වට්ස් අප් කණ්ඩායමක් නිර්මාණය කොට ඇමතුම් ලබා ගනිමින් අසභ්‍ය දර්ශනවලට එම එම සිසුන් පොලඹවා ගනිමින් නවක වදය ලබා දීමට තැත් කළ බව කියන සිසුන් පිරිසක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනයාරක්ෂක නිලධාරියා විසින් පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ .
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය පීඨයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) ද්‍රවිඩ මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන සිසුන් කණ්ඩායමකට එම පීඨයේ ද්‍රවිඩ මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් එසේ නවක වදය දීමට උත්සාහ කොට ඇති බවයි පැවසෙන්නේ . සිද්ධිය සම්බන්ධයෙන් සිසුවකු විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියට මාර්ගගත ක්‍රමය ඔස්සේ පැමිණිලිකොට ඊට සම්බන්ධ වීඩියෝ පට ද එම සිසුන් විසින් සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ විනය පාලක ආචාර්යෙවරයකුට භාරදී ඇති බව පොලීසිය කියයි .
එම පැමිණිල්ලට සම්බන්ධ සියලු දත්ත මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයට අනුබද්ධිත පරිගණක අපරාධ වර්ෂණ ඒකකයට භාර දීමට නියමිතය .
2025 දෙසැම්බර් මස 18
167
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
959
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පේරාදෙණිය සරසවියේ නවක වදය ඔන්ලයින් හරහා
මුදියන්සේ... Sunday, 06 November 2022 10:47 AM
අඩු මානසිකත්වයකින් පෙලෙන සහ කුමන හෝ අංශයකින් අඩු පවුල් පසුබිමක් සහ අඩු ජීවන රටාවක් සහිතවුන් විසින් විශ්ව විද්‍යාල තුළ නවක වධය කුරීරු ලෙස ලබාදීම සිදුකරන අන්දමක් පෙනෙන්නට ඇත. මොවුන් නියමාකාරයෙන් හඳුනා ගනිමින්, අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමටත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යභාවය අහෝසි කිරීමට සහ රජයේ කිසිඳු අධ්‍යාපන ආයතනයකට ඇතුළත් කර නොගැනීමටත් අවශ්‍ය අණපනත් සකස් කිරීමට රජය පියවර ගත යුතුයි...!
BamunuarachchiTuesday, 08 November 2022 06:36 AM
මේ සඳහා දෙමව්පියන් පෙරමුණ ගත යුතුය. තම දරුවන්ට නවක වදය දුන්න එවුන් බලාගෙන ඊට සුදුසු ක්‍රීයා මාරග ගතයුතුය. පොලිස්සියට පැමිණිලි කිරීමෙන් තම දරුවන්ගේ නම් එලිවීම වළක්වාගෙන මේ කරතව්‍ය කල හැක.