සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැත්වෙන සුපිරි 12 දෙනාගේ වටයේ අවසන් තරගයෙන් ලකුණු 71 ක ජයක් වාර්තා කළ ඉන්දියාව, ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව උදා කරගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය සිම්බ්බාවේ කණ්ඩායමට ඕවර 17.2 ක් අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 115 ක් පමණි. රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු 22 කට කඩුලු 3 ක්ද, මොහොමඩ් සාමි සහ හර්දීක් පාණ්ඩ්‍යා කඩුලු 2 බැගින්ද බිඳහෙළමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

 

වැඩිදුර විස්තර සඳහා

වෙත  පිවිසෙන්න

-036