IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විධායක කතක් උඩුමහලින් බිමට පනී

(තිලකරත්න දිසානායක) 

ගම්පහට නුදුරු ප්‍රදේශයක කාන්තාවක්  නිවසෙහි උඩුමහලින් බිමට පැනීම හේතුවෙන් තුවාල ලබා  රෝහල්ගත කළ බව ගම්පහ පොලිසිය කියයි.

40 හැවිරිදි වියෙහි පසුවන මෙම කාන්තාව විධායක ශ්‍රේණියේ රැකියාව කරන්නියක් බව ද පොලිසිය පවසයි. 

කාන්තාව බිමට පැනීමෙන් පසුව ඇගේ සැමියා  1990 හදිසි ප්‍රතිකාර ගිලන්රථ සේවයට දැනුම් දී  රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇතැයි පොලිසිය පවසයි.

කාන්තාව උඩු මහලින් බිමට පැනීම හේතුවෙන් කොදු ඇට පේලියට දැඩි ලෙස හානි සිදුව ඇති බැවින් වැඩි දුර ප්‍රතිකාර පිනිස කොළඹ ජාතික රෝහලට මාරු කොට යැවු බවත් රෝහල් ප්‍රකාශිකාව සදහන් කළාය.

නිවසේ සිදුවන හිරිහැර උහුලා ගත ගත නොහැකිව නිවසෙහි උඩුමහලින් බිමට පැනීම සිදු කළ බවත් රෝගී කාන්තාව පැවසී යැයි ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රකාශිකාවක් සදහන් කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ වැඩි දුර පරීක්ෂණ සිදු කෙරේ.

 



අදහස් (3)

විධායක කතක් උඩුමහලින් බිමට පනී

චින්තක Sunday, 06 November 2022 04:39 PM

අනිවාර්යයෙන් අඹුසැමියන්ගේ මුදල් ප්‍රශ්නයක් වෙන්න ඇති...!

:       5       6

Bamunuarachchi Monday, 07 November 2022 06:40 AM

එලැබෙන මානසික තාඩන පීඩන වලට විධායකකම ප්‍රතිකර්මයක් නොවෙයි.

:       0       0

janahitha Monday, 07 November 2022 08:55 AM

මුදල් නොවෙන්න පුළුන්. නොදන්න කෙහෙල් මල් අපට වැඩක් නැහැ. පාන් , සහල්, ළමයින්ට කන්න තියෙනවද ගෙදර.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site