
(අංජුල මහික වීරරත්න)
මඩකලපුව වාකරේ කොළ පිපිඤ්ඤා වගාව රටට ඩොලර් උපයන ව්‍යාපෘතියක් බවට පත්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වන අපනයනය ඉලක්ක කර ගත් විදේශ ව්‍යාපෘතියක් වන කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් මෙම වගාව ආරම්භ කර තිබේ.
මඩකලපුව වාකරේ ගොවීන් 500ක් අක්කර 500ක කොළ පිපිඤ්ඤා වගාව කරන අතර එම අස්වැන්න අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් ජපානය ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කරනු ලබන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
වාකරේ කොළ පිපිඤ්ඤා වගාව නිරීක්ෂණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වාකරේ පිහිටි කොළ පිපිඤ්ඤා සැකසුම් මධ්‍යස්ථානය හා වගා සිදු කරන ආකාරය පිළිබඳව සොයා බැලීය.
වාකරේ කොළ පිපිඤ්ඤා වගාව මගින් අගය එකතු කළ නිෂ්පාදනයන් වශයෙන් සකස් කර විදේශ වෙළෙඳපොලට ඉදිරිපත් කරනු ලබයි. මේ වනවිට ජපානය ඇතුළු රටවල් කිහිපයක මැක්ඩොනල්ඩ් සමාගමේ ආහාර නිෂ්පාදනයන් සඳහා යොදා ගනු ලබන්නේ ශ්‍රී ලංකාවේ කොළ පිපිඤ්ඤා වීම විශේෂත්වයකි.
පසුගිය වසර තුන ඇතුළත කොළ පිපිඤ්ඤා ව්‍යාපෘතිය මෙරටට උපයා දී ඇති මුදල ඩොලර් මිලියන 33ක් බව අමාත්‍යාංශය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇමති තුමා මෙතනට ගිහින් ලකුණු දාගන්න හදන්නේ මොන සහයෝගයක් මේ ව්‍යාපෘතියට දීලද?
ඔය අපනයන බොගය (ගර්කින්) 1990 දශකයෙ පටන් අපනයන භෝගයක් ලෙස පොලොන්නරුව හා මඩකලපු දිස්තිරික්ක ආශ්‍රිතව වගා කරන්නෙ. අනික් බොගයනම් ලපටි බඩඉරිගු ( බෙබිකොර්න්) ..
ඒ්ක අල්ලන් ඉන්න කැත