(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

බලපත්‍ර නොමැති  ගිනි අවියක් වෑන් රථයක සගවා රැගෙන යමින් සිටි නිතිඥවරයකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන ඒකකයෙ නිළධාරින් අද සවස අත් අඩංගුවට ගෙන ඇත.

කොඨඨාස අපරාධ විමර්ශන ඒකකයෙ නිළධාරියකුට ලැබුන තොරතුරක් මත සැකකාර නිතිඥවරයා ඔහුගේ වෑන් රථයකින් සාලියවැව ගලවැව ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී වාහනය නවතා පරික්ෂා කර ඇති බව කියයි.