(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලෝකයේ ධනවත් රටවල් පිටකරන 'කාබන්' ප්‍රමාණයට හිලව් වන ලෙස ශ්‍රී ලංකාවේ ණය කපා දැමිය යුතු බවට 2017 වර්ෂයේ ගෙන ආ යෝජනාව(සංවාදය) නැවතත් ඒ රටවලට ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
ඔහු මෙසේ පැවසූවේ දේශගුණය පිළිබඳ කාරණයක් සම්බන්ධයෙන් සංවාදයක් ඇති වූ අවස්ථාවේදීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කාලෝචිත යෝජනාවක්.
අපි ලෝකෙට නය උනේ ඔය කාබන් ප්‍රශ්නෙ විසදන්න ගිහින්?
2 ලොක යුද්න් පැරදුන ජපානයෙන් වන්දි අයකරගැනිමෙ සමුලුවෙදි කල කතාව සහ ලොකයෙ අනෙක් රටවල් දැක්වු ප්‍රතිචාරය සහ එහි ප්‍රතිපල ජපානයට ලැබුන හැටි අපි කවුරුත් දන්නව , නමුත් දැනට ලංකාවෙ පවතින අන්ඩුව මහාපරිමාන අමති මණඩල ඔවුන්ට විශාල ලෙස මුදල් වියදම් කරමින් , පුරවැසියන්ගෙ උද්ගෝශන කිරිමෙ මුලික අයිතිවාසිකම් කඩ කරමින් , වසන්තට සහ හාමුදුරුවන්ට ඉතා අමානුශික ආකාරයෙන් සලකන කොට ලෝකය අපට උඩවු කරාවි කියල සිතන්න අමරුයි, දේශපාලකයන්ට සහ නිලදරින්ට සැප විදින්න හොරකම් කරන්න පිටරට ආන්ඩු මුදල් දෙන එකක් නැහැ , එඩා පැරදුන ජපනයෙ පලකයො ලොකෙන් සමාව ඉල්ල සිටිය ,වරද පිලිගෙන එව හදාගෙන ඉදිරියට ගියා , රජ්‍ය දේපල හොරකම් කලෙ හෝ පුරවසියන්ට සහ සෙසු ලොකයට බොරු කිවෙ නහැ.
මේ කතාවෙන් පේනවා මේ කාටවත් ලංකාවේ ප්‍රස්න විසදන්න උවමනාවක් නැහැ කියලා. ඕනකම තියෙන්නේ මොකක්හරි උප්පරවැට්ටියක් දාලා වැරැද්ද කාගේ හරි රටකට පටවලා ගැලවෙන්නයි. ලංකාව මේ තත්වෙට පත් උනේ නිවැරදි කළමනා කාරයක් නැති නිසා බවත් වැරදි කරානම් දඩුවම් විඳිය යුතුබවත්, වැටුණු වලෙන් තමන්ම වල කටින් ගොඩ අයුතු බවත් කියන්න කොන්ද පන නැති නිසා මේවගේ සට කපටි කතා ක්යවනවා. නය ගත්තොත් නය ගෙවන්න ඕනේ. ඒක තමයි ලෝක ධර්මේ. නොකා නොබී හරි ගත්ත නය ගෙවන්න ඉගෙන ගනිල්ලා කියන්න ආත්ම සක්තියක් නැත්තේ චන්දෙන් පරදියි කියන බය නිසානේ. මේ රට ගොඩ ගන්න නායකයෙක්ගේ චරියාවද?
රට අමාරුවෙ වැටුනෙ එදා හිටපු දේශපාලකයෝ සහ නිලධාරීන් එකතු වෙලා පිට රටින් ගිනි පොළියට ණය අරන් ඒවාගෙන් භාගයක් හොරකම් කරලා ඉතුරු මුදල් වලින් කිසිම වැඩකට නැති නෙළුම් කුළුණු, ගුවන්යානා එන්නේ නැති ගුවන් තොටුපොළවල් වැනි නිෂ්ඵල ව්‍යාපෘති කරපු නිසා. මේ ගොල්ලෝ තවමත් මේ නාස්ථිය නතර කරලා නැහැ. මුලු රටම අමාරුවේ වැටිලා කොටසකට කන්න බොන්න නැහැතුව ඉන්නකොට හිතක් පපුවක් තිබෙන දේශපාලකයෙකුට පුළුවන්ද ඉන්ධන විශාල වශයෙන් වියදම් වෙන V8 වැනි වාහන වලට ජනතා මුදලෙන් පැට්‍රෝල් ගහගෙන ගමන් බිමන් යන්න. මේවා බල බලා දියුණු රටවල් පොදු ප්‍රවාහන සේවා හෝ පාපැදියෙන් පාර්ලිමේන්තු යන ඇමතිලා අපට මුදල් දෙන්න අනුමත කරයිද?