
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දැන් පිළිතුරු සෙවිය යුත්තේ ජනතාව මුහුණ දී සිටින පීඩනයට නමුත් ආණ්ඩුවේ පිළිතුර වී තිබෙන්නේ පීඩනයට එරෙහිව මර්දනය ක්‍රියාත්මක කිරීම යැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මර්දනය පැවැත්මේ සාධකය බවට පත් කරගත් ලෝක නායකයන් ඉතිහාසයේ කුණු ගොඩට වැටී තිබෙන බවද දිසානායක මහතා සඳහන් කළේය.
රටේ වත්මන් තත්වය පිළිබඳ පිළිබද පාර්ලිමේන්තු විවාදය අරඹමින් අනුර දිසානායක මහතා කීවේ කුණු ගොඩට වැටුණු ඉතිහාසයක් ශ්‍රී ලංකාවට කිසිසේත් අපේක්ෂා කරන්නේ නැති බවයි.
මේක නිකං සෝමාලියා නැවක් අල්ලගත්ත හොර කණ්ඩායමක් වගේ යැයි කී දිසානායක මහතා අන්තරේ කැඳවුම්කරු ඇතුළු භික්ෂූන් වහන්සේ රඳවාගෙන සිටින හේතුවක් කියන්නැයි අභියෝග කරන බවද කීය.ජනතා නැගිටීම මර්දනය කිරීම සඳහා ගන්නා හැම ක්‍රියාමාර්ගයක් නිසාම රට ලෝකයේ හුදෙකලාවට පත්වෙන බවද අනුර දිසානායක මහතා පැවසීය.
අද අවධානය යොමු කරන්නේ ආර්ථිකයේ ඉහළ සාධක මත පමණක් බවද ලංකාවෙි සංඛ්‍යා දත්ත යනු ඇත්ත තත්ත්වය වසන් කිරීම සඳහා තිබෙන දෙයක් බවද දිසානායක මහතා කීය.
මෙි සංඛ්‍යා දත්තවලින් ඇත්ත තත්ත්වය පිළිඹිබු වන්නේ නැති අතර ආණ්ඩුවට රැකියා උත්පාදනය කරන සැලසුමක් නැතැයි ද ඒ නිසා විශාල සමාජ අසහනයකට මුහුණ දී තිබෙන බවද අනුර දිසානායක මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයි වහල්ලු ඉන්නකම් රටට අබ සරනයි
අනුර උඹ දන්නා පරිදී රට ආරථික අහේනියකට පත්ව තිබෙනවා. ඒ අහේනියෙන් ගොඩ එන්න උද්ගොෂනවලින් පුලුවන්ද? එබැව ජනතාවට කට අර කියාපන් කලදුටුකල වල ඉහ ගන්නේ නැතුව. ආණ්ඩුව මර්දනය කරන්නේ ජනතාවගේ පීඩනය දඩමීමා කරගෙන රටේ කලබල උද්ගෝෂණ ඇතිකර එමගින් ජෙප්පන්ට වාසි ලබා දීමට උත්සාහ කරන කාලකන්නි රැලයි අපිට මර්ධනය ප්‍රස්නයක් නොවෙයි මොකද අපි ජෙප්පන් සැඟවී කරන උද්ගෝෂණ වලට සහබාගි වෙන්නේ නැති නිසා.උද්ගෝෂණ කාරයෝ කරන්නේ කලදුටුකල වල ඉහ ගැනීමයි.
අන්තරේ කැඳවුම්කරු ඇතුළු භික්ෂූන් වහන්සේ රඳවාගෙන සිටින හේතුවක් කියන්නැයි ආණ්ඩුවට කියන්න එපා අපි කියන්නම්. රැකියාවක් නැතිව විභාග අසමත් වෙවී ඉන්න හොර තක්කඩි අන්තරේ කැඳවුම්කරු ඇතුළු භික්ෂූන් වහන්සේ නඩත්තු කරන්නේ කව්ද? අන්න ඒ නඩත්තු කරන එවුන්ගේ උවනාවන් ඉෂ්ට කිරීමට සමාජයේ පැවැත්මට බාදා අතිකරන මේ කාලකන්නි අඬු කඩා හෝ මර්දනය කල යුතුයි. මුන් උද්ගෝෂණ කිරීමෙන් බලා පොරොත්තු වෙන්නේ මොනවාද? මොවුන් උද්ගෝෂණ කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ රටට ලැබෙන්න තිබෙන ආයෝජන නැතිකීරීමට. මොවුන්ගේ කුමන්ත්‍රණය එයයි. එමනිසා ඔලු කුඩුවෙන්න වෙදිතිබ්බත් අපිට කමක් නැත. මේ හොර තක්කඩි අන්තරේ කැඳවුම්කරු ඇතුළු භික්ෂූන් වහන්සේ කාට ලොකුද?
ඔබ නිවැරදියි අනුර