(නිමල් ජයරත්න)
යුද හමුදාවට අයත් ගිලන් රථයකින් මුවමස් කිලෝ තුනක් ප්‍රවාහනය කරමින් සිටි රියදුරු ඇතුළු ලාන්ස් කෝප්‍රල් සෙබළුන් දෙදෙනකු පොහොයදා දහවල් මාදුරුඔය උද්‍යානයේදී අත්අඩංගුවට ගත් බව මාදුරුඔය වනජීවිී කාර්යාලය සඳහන් කරයි.
සැකකරුවන් මාවනාගම යුධ හමුදා කඳවුරට අයත් ලාන්ස් කෝප්‍රල් වරුන දෙදෙනකු වන අතර ඔවුන් දෙදෙනා දෙහිඅත්තකණ්ඩිය පොලිසියට භාරදීමට කටයුතු කල බව මාදුරුඔය උද්‍යාන භාරකරු ඩී,එස්. ජයසෝම රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
මාදුරුඔය හෙනන්නේගල සිට මාවනාවෙල යුද හමුදා කදවුර දක්වා මුවමස් ප්‍රවාහනය කර ඇති අතර මීට පෙරද ඔවුන් ගිලන් රථයෙන් මස් ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු ලැබී බවත්, මේ පිළිබඳ හෙනන්නේගල වනජීවි කාර්යාල තොරතුරු ලැබීමත් සමග ඔවුන් කළ මෙහෙයුමකින් ගිලන්රථය සහ මුව මස් සමග සැකකාර සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද ජයසෝම රත්නායක මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවේ ඇතැම් අය අහිංසක මුවන් මරා ගිලන් රථ වලින් හමුදා කඳවුරු වලට මුවමස් ප්‍රවාහනය කරනවා.මේවා මේ පොඩි අය පමණක් කරනා වැඩ නෙමෙයි.මේවා ඇතැම් ඉහළ අයත් සම්බන්ධව මනා ලෙස සංවිධානය කළ දේවල්. මේ දේවල් මෙට පෙර සිටම කෙරෙන්නට ඇති. මුවමස් ගෙනගොස් තිබෙන්නේ,හමුදා කඳවුර තුළට හා එහිම ගිලන් රථයකින්.පොලීසිය ළමයින් පිළිස්සූ කතාවක් ද තිබුණා.ඒත්, කෝ මේ ආරක්ෂක ඇමති,පොලිස්පති හා හමුදාපති වරුන්. වගකිවයුතු අංශ තද නින්ඳේ.වහා අවධි වන්න.
පුහුණුවෙන් පස්සේ ඔය වැද්දෝ කොහොමත් ලේ පිපාසිතයි. මුන් අවුරුදු 22ක සේවය කරලා අයින් කරද්දී පුනරුත්ථාපනය කරන්න ඕනේ.
යුද හමුදාව මේ වගේ වැඩ කරනවා ද? ඒක තමයි හක්ක patas හදන අයට හොරෙන් support කරන්නේ.