(අංජුල මහික වීරරත්න)
ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 සමුළුවට සහභාගී වීමට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කොරියානු ජනාධිපතිවරයාගේ දේශගුණය සහ පරිසරය පිළිබඳ විශේෂ නියෝජිත හා කොරියානු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී නා කියුං-වොන් (Na Kyung-Won) මහත්මිය අතර හමුවක් සිදු විය.
දේශගුණික විපර්යාසයන්හි අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය මෙහිදී අගය කළ නියෝජිතවරිය රටේ දැනටමත් අඩු කාබන් විමෝචන අනුපාතයක් තිබියදීත්, කාබන් විමෝචනය අඩු කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රසාදය පළ කළාය.
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ දේශගුණික විපර්යාස සඳහා සාර්ථකව මුහුණදීමට නම් එම ක්ෂේත්‍රයේ ධාරිතාව වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බවයි.
දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් ශ්‍රී ලංකාවෙි පිහිටුවීමේ අපේක්ෂාව පැහැදිලි කළ ජනාධිපතිවරයා එය දේශගුණික විපර්යාස පිළිබඳ සියලුදෙනාට අධ්‍යයනය කළ හැකි හා දැනුම ලබාගත හැකි උසස් අධ්‍යාපන ආයතනයක් වනු ඇති බව සඳහන් කළේය.
මේ පිළිබඳ තමන් දැනටමත් පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කර ඇති බව කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය සහ එකඟතාව ඇතිව එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමිය දන්නේ නැතිව ඇති අපේ අය කටින් බතල හිටවන්න හපන්නු බව. බොරු කයිවාරු කතාවලට රැවටිලා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් මෙරට ඇතිකලොතින් එහෙම ඒ අයටත් හොම්බෙන් තමයි යන්න වෙන්නේ. අවසානයේ විශ්ව විද්‍යාලයත් නැහැ, වියදම් කල සල්ලි වාෂ්ප උන විදිහ හොයා ගන්නත් ලංකාවෙන්ම කමිටුවක් පත්කර ගන්න වෙයි. මෙවුන් කබ්බා හොරු මැතිනියනී, ලඟින් ගියොත් අහක් නැහැ. හැකිනම් අපේ කෙනෙකුව ලෝක බැංකුවේ අධිපති කරන්න අන්න එදාට තමයි ලෝකෙට තේරෙන්නේ අපේ අප්පුලාගේ තරම?
ඇත්ත නේන්නම් වාහන වලින් කාබන් පිටකරන නිසා තෙල් ගේන එක නතර කරපු එකම රට ලන්කවනෙ
මේවා මොනතරම් බොරුද රටේ කරන පරිසරවිනාශය කොච්චරද කියලා දන්නෙ අපි
උදම් අනන්න මෙහෙ පරිසරයට මොකද්ද රනිල් කරපු යහපත.?