(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොහොර තිබෙන්නේ මැති ඇමතිලාගේ කතා වල සහ රාජ්‍ය මාධ්‍ය වල පමණක් බව ගමේ මිනිස්සු කියනවා යැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනතාව ණය ගෙවන්නට නොහැකිව අන්ත අසරණ බවට පත්ව තිබෙන බව කී කරුණාතිලක මහතා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේත් ස්වයං රැකියා රැකියා වල නිරත අයත් එදිනෙදා කුලී වැඩක් කරගෙන හම්බකරගෙන කන පිරිසත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සියලුම දෙනා සිටින්නේ ජීවත්වීමේ සටනක බව කීය. ජනතාව ජීවත්වීමේ සටනක සිටිද්දී ආණ්ඩුව මැතිවරණ වලින් බේරීමේ සටනක නිරත වී සිටින බවද ගයන්ත කරුණාතිලක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd