
(නිමල් ජයරත්න)
පොලොන්නරුව අරලගංවිල 503 කුඩාඔය අමුණේ සිට 503 කුඹුරු යායට ජලය රැගෙන යන බෝක්කුවක් තුළ සත් මාසයක් පමණ වයසැති අලි පැටවකු සිරවීමෙන් මියගොස් ඇති බව වෙහෙරගල වනජීවී කාර්යාලය කියයි.
එම අලි පැටවා ඇතුළු අලි රෑනක් කුඹුරුයායේ සැරිසරමින් සිටියදී ඇළට වැටී ඇත. ඇතින්න අලි පැටියා බේරා ගොඩට ගැනීමට උත්සාහ කර ඇතත් ජලයේ සැඩපහරට ගසාගෙන ගොස් බෝක්කුවක සිර වී ඇත. ඒ සම්බන්ධයෙන් ගොවි මහතකු ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ විජයබාපුර මහවැලි කොට්ඨාස කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර ඇත.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ විජයබාහුපුර මහවැලි කොට්ඨාස කාර්යාලයේ නිළධාරීන් කිහිපදෙනකු, වනජීවීන් නිලධාරින්ද දැනුවත් කර එම අවස්ථාවට ගොස් අලිපැටියා එළියට ගැනීමට පැය කිහිපයක් උත්සාහ දැරුවද එයා අසාර්ථක වීමත් සමග පැය කිහිපයකට පමණ පසු අලිපැටියා මියගිය බව මහවැලි අධිකාරියේ නිලධාරියේ සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් ඉතින්. ඔය සතා පන්සලකදී, පෙරහැරකදී මදුරුවෙක් හරි කෑව නම් බලන්න තිබුනා අර සත්ත්ව අවිහිංසාවට කවි ලියන සෙට් එක උඩ පනින තරම. හැබැයි මේකට නම් උන් නිදි වගේ.
if this happened in a developed country they would first brake the concrete to release the elephant. and they fail to keep the trunk high enough so the elephant can breathe. sad story.
ඔය අලි පැටියාගේ මරණයට ෂුවර් එකටම අර මෝඩ නූගත් රටේ අවාසනාවට ජනාධිපති වෙලා හිටපු පොළොන්නරුවේ ගොන් බයියා මෛත්‍රී සම්බන්ධයි