(යොහාන් භාසුර)

‘ලිට්‍රෝ’ සහ ‘ලාෆ්’ යන ගෑස් සමාගම් දෙකම ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟයකින් තොරව නිකුත් කරන බව එම සමාගම් දෙකේ උසස් නිලධාරීහූ පවසති.

ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසුවේ ගෑස් කිසිඳු හිඟයකින් තොරව නිකුත් කරන බවත් කිසියම් ප්‍රදේශයක ගෑස් හිඟයක් පවතින්නේ නම් එම සමාගම දැනුවත් කරන ලෙසයි.

ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ එම සමාගම ද හිඟයකින් තොරව ගෑස් සැපයුම කරන බවයි.

කෙසේ වෙතත් ජනතාව පවසන්නේ ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් වර්ගය දෙකම දැඩි හිඟයක් පවතින බවයි.