
(යොහාන් භාසුර)
ස්ත්‍රී දූෂණ චෝදනාවකට ඕස්ට්‍රේලියාවේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.
නීතිඥාවරුන් වන නිරෝෂණ පෙරේරා සහ අසේල රැකව යන මහත්වරු එම කමිටුවේ සෙසු සාමාජිකයන් බවත් මෙම සිද්ධිය පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු සහ ක්‍රීඩකයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් මොහාන් මහතා කීය.
මෙම සිද්ධිය සම්බන්ධව කණ්ඩායමේ නිලධාරීන් ඇතුළු ඕනෑම පුද්ගලයෙක් වගකීම පැහැරහැර තිබේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාකත්මක කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැනි කාරනා ගැන හසල දැනුමක් ඇති සරත් නන්ද සිල්වා සභාපති ලෙස පත් කරන්න
මහජන මුදල් අපතේ යැවීමක්
වරද කලා... එය රටම දන්නවා... නමුත් ධනුෂ්කට ඕස්ට්‍රේලියාවේ හිරබත් තපින්න උනොත් කොල්ලා සදහටම ඉවරයි... ඒ නිසා ධනුෂ්කව ලංකාවට ගෙන්වලා දෙන දඬුවමක් දෙන්න. ජීවිත කාලයටම ක්‍රිකට් සෙල්ලම තහනම් කරලා පාසල් දරුවන්ට ඔහුගේ දක්‍ෂකම උගන්වන්න ඉඩ දෙන්න! ආරංචිය දෙපැත්තම නඩු නොගොස් සමාදානයට එන්න හදනවා කියලා , ධනුෂ්ක ලොකු වන්දි මුදලක් ගෙවලා
මේ වැනි කමිටු අපි ඔනතරම් ඇක ඇත. වැඩකට නැති දෙයක්
ඔකෙ අන්තිමට මෙයා නිදහස් වෙලා කන්ඩයමෙ හිටපු මේදේවල් ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති පොඩි කොල්ලෙක් වැරදි කරයි කියල කියයි
කමිටු පත්කරලා නිතීය ක්‍රියාත්මක කිරීම කෙසේ වෙතත් ,ක්‍රිකට් පාලක මණ්ඩලයේ කෙරුවාවල් ගැන නම් දන්නෝ හොන්දාකාරවම දනිති .