‘ගෑස් පෝලිම්වල ඉන්න එපා‘ ගෑස් තොග නොමැතිවීම නිසා නැවත දැනුම් දෙන තෙක් ගෑස් සැපයීම නොවන බවත් ගෑස් බලාපොරොත්තුවෙන් පෝලිම්වල රැදී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ලිට්රෝ ගෑස් සමගාම පවසයි. 03 June 2022
ඇගළුම් බසය පෙරැලී 5ක් රෝහලේ පුත්තලම ඩිපෝ හංදියේදි ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අද(3 ) උදෑසන පෙරැලී යාමෙන් 5 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 03 June 2022
පයාගල මුහුදු වෙරලේ මළ සිරුරක් පයාගල මුහුදු වෙරළට පුද්ගල මළසිරුරක් අද (03) උදෑසන ගොඩගසා ඇති බව පයාගල පොලිසිය පවසයි. 03 June 2022
බේරුවල වෙඩිතැබීමක්:අයෙක් මරුට බේරුවල මොරගල්ල මරදාන පාරෙදි ලොරි රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි බේරුවල පොලිසිය කියයි 03 June 2022
වැස්ස මදක් අඩුවෙයි පවතින වැසි තත්වයේ තරමක අඩුවීමක් අද (3) දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 June 2022
කෝටි හතරක මත් කුඩු සමග තරුණයෙක් මාට්ටු රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමග ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 03 June 2022
අරන්තලාවේ භික්ෂුන් සිහිකරති කොටි ත්රස්තවාදීන් විසින් අරන්තලාවේ දී 1987 ජුනි 02 වෙනි දින ඝාතනය කරන ලද හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා 32 නම සිහි කිරීමේ 35 ගුණ සමරුව අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබීය. 03 June 2022
අගමැතිගේ ඉලක්කය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා විදේශ රටවල් අතර ’’මූල්‍ය පාලමක්’’ ගොඩනගා ගත හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹෙන ගිවිසුම මත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 03 June 2022
පහළොවේ මල් කැකුළක් හිටපු සෙබළා තලයි තිරප්පනේ ප්‍රාදේශයේ රජයේ පාසලක ගුරු විවේකාගාරයක් තුළදී 15 හැවිරිදි පාසල් සිසුවියක බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කියන සම්බන්ධයෙන් 24 හැවිරිදි යුද හමුදා සෙබළකු අත් අඩංගුවට ගත් බව තිරප්පනේ පොලිසිය සඳහන් කරයි. 03 June 2022
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී -යුද හමුදාපති ජනපති හමුවෙති නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොටුව ජනපති මන්දිරයේදී අද පෙරවරුවේ හමුවූහ. 02 June 2022
ගෝඨා ගෝ ගම ඉවත් කිරීම වළක්වාලන අයිතිවාසිකම් පෙත්සම ඉවතට ‘ගෝඨා ගෝ ගම’ අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය පියවර ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම අරගල භූමියේ සක්‍රීය අරගලකරුවකු වන සිවිල් ඉංජිනේරුවකු විසින් ගොනු කෙරුණූ මූලික අයිතිවාසකම් පෙත්සමක් විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (2) ප්‍රතික්ෂේප කළේය. 02 June 2022
රන්ජන් නිදහස් කරගන්න කළ හැකි දේ සොයා බලන්න සිරගත වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා කළ හැකි දෙයක් තිබේ දැයි සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ට දැනුම් දී තිබේ. 02 June 2022
රුසියානු මගී යානයක් උසාවි නියෝගයෙන් කටුනායක නවතා ගනී රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයකට කටුනායක ගුවන් තොටුපළෙන් ආපසු රුසියාව බලා පිටත්ව යාම කොළඹ වානිජ මහාධිකරණය මගින් අත්හිටුවා නියෝගයක් ලබා දීම නිසා මෙම ගුවන් යානය අද (2) දහවල් සිට කටුනායක ගුවන් තොටුපළ තුළ නවතා දමා තිබේ . 02 June 2022
වවුනියාවේත් සිසුහු දෙදෙනෙක් දියේ ගිලී මියගිහින් වවුනියාව, ඊරට්පෙරියකුලම වැවේ දියනෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අද (02) සවස දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බව ඊරට්පෙරියකුලම පොලිසිය කියයි. 02 June 2022
සජබයේ 21 සංශෝධනය සම්මත කරගන්න ඡන්ද විමසීමක් පවත්වන්න තවදුරටත් කල් නොමරා සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21 වන සංශෝධනය සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පවත්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලිමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ දී අද (2) පැවසීය. 02 June 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට ලක්ෂ 225 ක් එංගලන්තයේ බර්මින්හැම්හි මෙම වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයට වැයකිරීමට අවශ්‍ය රුපියල් ලක්ෂ 225 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (2) එකඟ විය. 02 June 2022
අධිවේගියේ පාට් දැමූ ඇමැති පුතා අල්ලන්න මහජන සහාය පතයි අනාරක්ෂිත ලෙස ශීතකරණයක් කැබ් රථයක් පසු පස පටවා අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේ දී කොළඹ දෙසට යාමට පැමිණ පොලිස් සැරයන්වරයකුගේ රාජකාරියට බාධා කරමින් පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගහැර සිටින තංගල්ල හිටපු නගරාධිපති රවිදු වෙදආරචිචි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මි හරින්දික සිල්වා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි. 02 June 2022
කක්කඩුව ඇලේ නාන්න ගිය සිසුහු දෙදෙනෙක් දියේ ගිලී මරුට ගල්පාත කක්කඩුව ඇලේ දියනෑමට ගිය දරුවන් දෙදෙනෙකු අද (02) පස්වරුවේ දියේ ගිලී මිය ගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි. 02 June 2022
අනුරාධපුරේ අක්කර 2000කට යූරියා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 2000ක බඩ ඉරිගු වගා කිරීම සඳහා අවශ්‍ය යුරියා පොහොර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි. 02 June 2022
ගෑස් සැපයුම 16,000 ක් දක්වා බසී ගෘහස්ථ ගෑස් සිලින්ඩර 16,000 ක් පමණක් හෙට (3) දිනයේ සපයන බව ලිට්රෝ ගෑස් සමාගම අද (2) පස්වරුවේ පැවසීය. 02 June 2022
බෙංගාල ව්‍යාඝ්‍රයන්ගේ සුරතල් දෙහිවල සත්වෝද්‍යානයේ දී මීට තෙමසකට පෙර උපන් බෙංගාල ව්යාඝ්ර පැටවුන් තිදෙනා මහජනතාවට දැක බලාගැනීම සඳහා අවස්ථාව අද (2) සිට උදා විය. 02 June 2022
විදේශ ලේකම් - ඇමෙරිකා තානාපති හමුවෙයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ විදේශ කටයුතු ලේකම් අරුණි විජයවර්ධන මහත්මිය අතර හමුවක් අද(02) පැවැත්විණි. 02 June 2022
'පාර්ලිමේන්තුවට සරල ආහාර වේලක්' පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ සේවකයන් සහ පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන් සඳහා රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන සරල ආහාර වේලක් ලබාදීමට බලාපොරොත්තු වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද (2) ප්‍රකාශ කළේය. 02 June 2022
දැරියකට හදි කළ පුද්ගලයා අත්අඩංගුවට කලවාන දෙල්ගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු දහතුනක (13) ක පාසල් දැරියක් අපයෝජනය කළ පුද්ගලයකු අද (02) අත්අඩංගුවට ගත් බව කකලවාන පොලිසිය පැවසීය. 02 June 2022
නීතිපතිට-පොලිස්පතිට- සී.අයි.ඩී. අධ්‍යක්ෂකට නොතීසි රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධියට අදාළව ගොනු කර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් ලබන 27 වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙසට නියම කරමින් අභියාචනාධිකරණය නිතිපතිවරයාට පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට අද (02) නොතීසි නිකුත් කළේය. 02 June 2022
’රජයේ සේවකයන් වගා කළ යුතුයි’ රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා වගා කටයුතුවලට යොමුවී ජනතාව ඒ සඳහා දිරිමත් කිරීම ඉතාමත් කාලෝචිත බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. 02 June 2022
චීන පරිත්‍යාගයෙන් එන්නත් සිරින්ජර් තොගයක් ශ්‍රී ලංකාවට චීන යුවාන් මිලියන 10 ක් වටිනා ජීවිතාරක්ෂක එනොක්සැපරින් සෝඩියම් එන්නත් සහිත සිරින්ජ තොගයක් ශ්‍රී ලංකාවට ප්රදානය කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 02 June 2022
‘ආර්ථිකය ගැන පාර්ලිමේන්තුවේදී දෙදින විවාදයක්’ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ තත්වය ගැන සිදුකිරීමට නියමිත ප්‍රකාශය සම්බන්ධයෙන් දෙදින විවාදයක් ලබන 7 සහ 8 දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (2) තීරණය කළේය. 02 June 2022
හරීන්ගේ තනතුරට නලීන් බණ්ඩාර සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පත්කර ඇත. 02 June 2022
‘විදේශ අරමුදල් ව්‍යාපෘති වෙලාවට ඉවර කරන්න’ විදේශ අරමුදල් යටතේ අරඹා ඇති ව්‍යාපෘති අපේක්ෂිත කාලසීමාවේ දී අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය. 02 June 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026