‘දුමින්ද සිල්වා බන්ධනාගාර නිලධාරී භාරයේ’ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපති සමාව අත්හිටුවීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන සහ පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 02 June 2022
ගෑස් ඉල්ලා මරදානේ විරෝධයක් ගෑස් ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් සිදුකරන විරෝධතාවක් හේතුවෙන් බොරැල්ල මරදාන පාර ආනන්ද විදුහල ඉදිරියෙන් අවහිර වේ. 02 June 2022
මහින්ද කහඳගමගේ අත්අඩංගුවට අරලියගම මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රි මහින්ද කහඳගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. 02 June 2022
හිටපු ඇමති පුතා බිරිය සමග පොලිසියට තගක් දමයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත බැදිගම පිවිසුමේ දී හිටපු අමාත්‍යවරයකුගේ පුතකු සහ ඔහුගේ බිරිඳ පොලිස් නිලධාරියකුට පරුෂ වචනයෙන් බැන වදින වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වෙයි. 02 June 2022
පක්ෂය ගොඩ ගන්න අගමැති වගකීම් පවරයි එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතුවල පූර්ණකාලීනව යෙදෙන ලෙස එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. 02 June 2022
රුපියලේ අද අගය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (2) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 49කින් ඉහල ගියේය. 02 June 2022
උසස් පෙළ කල් යයි අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව ඇති අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර්, නොවැම්බර් කාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය. 02 June 2022
ත්‍රිරෝද රථ අනතුරින් මව දියණිය මරුට අනුරාධපුර කවරක්කුලමේදී ත්‍රිරෝද රථයක් බෝක්කුවකට පෙරළීමෙන් මව සහ දියණිය මරුමුවට පත්ව පියා සහ පුතා තුවාල ලබා ඇතැයි අනුරාධපුර කවරක්කුලම පොලිසිය කියයි. 02 June 2022
රක්ෂිතවල හැදෙන කොස් කඩාගන්න අවසර දෙන්න යයි වන රක්ෂිතවල හටගන්නා කොස් ඵලදාව නෙලා ගැනීමට වනාන්තරයට ඇතුළු වීම සඳහා මුදල් අය කිරීමකින් තොරව බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම වන ජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය. 02 June 2022
නිවස තුළ පිපිරීමකින් ව්‍යාපාරිකයා රෝහලට ඇල්පිටිය නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුට අයත් බව කියන ඇල්පිටිය කැටපළ නාගහතැන්න ප්‍රදේශයේ පිහිටි නිවසක අද පෙරවරුවේ සිදුවී ඇති පිපිරීමකින් එම ව්‍යාපාරිකයා තුවාල ලබා ඇති අතර එම නිවසටද දැඩි අලාභහානි සිදුවී ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 02 June 2022
අන්තරේ උද්ඝෝෂණයක් වලක්වන්නැයි කළ ඉල්ලීම ඉවතට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මහජන පීඩා ඇතිවන ආකාරයෙන් අද (02) කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ප්‍රතික්ෂේප කළේය. 02 June 2022
පොලිස් රාජකාරියට බාධා කළ 2ක් අත්අඩංගුවට වරෙන්තුකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනිම සදහා මෙහෙයුමක නිරතවු කැකිරාව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසකට රාජකාරියට සාපරාධි ලෙස බලපෑම් සිදුකළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කැකිරාව පොලිසිය කියයි. 02 June 2022
රාහුල්ට සෝනියාට චෝදනා 2015 දී විමර්ශන කටයුතු අවසන් කල නැෂනල් හෙරල්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය ඊයේ (1) කොංග්රස් සභාපති සෝනියා ගාන්ධි මහත්මිය සහ ඇයගේ පුත්‍රයා වන කොංග්රස් මන්ත්‍රී රාහුල් ගාන්ධි මහත්මා කැඳවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 02 June 2022
අපහාස නඩු තීන්දුවෙන් නළු ජොනී ඩෙප්ට වැඩි වාසි හොලිවුඩ් නළු නිළි අඹුසැමි යුවළක වන ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ්, එකිනෙකාට අපහාස කර ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. 02 June 2022
‘මුල් මාස පහේදී පාස්පෝට් 288,645 නිකුත් කරලා‘ මෙම වසරේ (2022) මුල් මාස පහක කාලය තුළ පුද්ගලයින් 288,645 දෙනෙකු විදෙස් ගමන් බලපත්‍ර සකස් කරගෙන ඇතැයි ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය. 02 June 2022
හැටන්-ඩයගම මාර්ගයේ ගමනාගමනයට බාධා තේ කුඩු කිලෝ දස දහසක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් අනතුරට පත්විමෙන් හැටන් පොඩයිස් හරහා ඩයගම මාර්ගයේ රථ වාහන ගමනා ගමන කටයුතු අද (02) අලුයම සිට අඩාලවී ඇති බව ආගරපතන පොලිසිය පැවසිය. 02 June 2022
පළාත් රැසකට අදත් විටින් විට වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (2) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 June 2022
කැංගරුවෝ දිවයිනට ක්‍රීඩකයන් 21 දෙනකුගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් සංචාරයක් සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් යානා තුනකින් පැමිණියහ . 02 June 2022
නාගොඩ රෝහලේ ඉහළමහලෙන් වැටි රෝගියෙක් මරුට නාගොඩ මහරෝහලේ ඉහළ මාහලින් රෝගියකු ඇදවැටී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. 02 June 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වැඩ අරඹයි කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීය වී තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද (1) පස්වරුවේ නැවත ආරම්භ කළ බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 June 2022
මත්පැන් මිලත් නගී වැට් බද්ද වැඩි කිරීමෙන් මත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය. 01 June 2022
රටපුරා ප්රචණ්ඩ ක්‍රියා: විමර්ශනයට ජනපති කොමිසමක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය මාර්තු මස 31 වැනිදා සිට පසුගිය මැයි මස 15 වැනිදා දක්වාවූ කාලයේදී සිදුවූ ගිනිතැබීම් මංකොල්ලකෑම් පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපළ හානි හා ජීවිත හානි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරික්ෂණ කොමිෂන් සභාවක් අද (1) පත් කරනු ලැබීය 01 June 2022
බම්බලපිටියේදී බ්රේක් නැතිව වාහන 13 ක් හප්පලා බම්බලපිටිය වජිර පාරෙදි මෝටර් රථයක තිරිංග ක්‍රියාත්මක නොවීම නිසා වාහන 13 ට ගැටී අනතුරක් සිදුව ඇති බව බම්බලපිටිය පොලීසිය කියයි . 01 June 2022
රංජන් නිදහස් කරන්නැයි නිහඩ විරෝධතාවක් සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස බලකරමින් සමඟි ජනබලවේගය පක්ෂයේ තරුණ සංවිධානය වන ‘සමඟි තරුණ බලවේගය’ වැලිකඩ බන්ධනාගාර ඉදිරිපිට නිහඩ විරෝධතාවක් අද (1) පස්වරුවේ පැවැත්වීය. 01 June 2022
සිකුරාදාට කම්කරු කාර්යාලය වසයි රජයේ වියදම් අඩුකිරීමේ පියවරක් ලෙස ලබන 3 වැනිදා සිට සෑම සිකුරාදාම කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාල වසා තැබීමට තීරණය කළ බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසයි. 01 June 2022
ඖෂධ හිඟය ගැන කෝප් කමිටුවෙන් අනාවරණයක් ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් තිබුණත් එම මුදල් නිවැරදිව කළමනාකරණය කරමින් කඩිනමින් නොයෙදවීම නිසා රටේ ඖෂධ හිඟය ඇතිවූ බව විමර්ශනවලදී තහවුරු වූයේ යැයි රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් ) පවසයි. 01 June 2022
අටලුගම දැරිය ඝාතනයේ සැකකරු 9 තෙක් රිමාන්ඩ් බණ්ඩාරගම , අටුලුගම ප්‍රදේශයේ බාල වයස්කාර දැරියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකු අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු , තවදුරටත් ජුනි 9 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය. 01 June 2022
21 සංශෝධන කෙටුම්පතට ස්වාධීන පක්ෂ එකමුතුවෙන් යෝජනාවලියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ එකමුතුව මගින් ද යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. 01 June 2022
දුමින්ද සිල්වා අත්අඩංගුවට ජනාධිපති සමාව අවලංගු කරමින් වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගක කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (1) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 01 June 2022
වෘත්තියවේදීන්ගෙන් ජනපතිට යෝජනාවලියක් වර්තමාන දේශපාලන හා ආර්ථික ප්රශ්නය විසඳීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ඇතුළත් විශේෂ යෝජනාවලියක් වෘත්තීයවේදීන් පිරිසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති මන්දිරයේදී ඊයේ (1) පෙරවරුවේ බාරදෙනු ලැබීය. 01 June 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026