රෝද තුනට සුබ ආරංචියක් ත්‍රීරෝද රථ සඳහා ඉදිරියේදී ගැටලුවකින් තොරව ඉන්ධන ලබාදීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 June 2022
සුවසැරියට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් ආධාර සුව සැරිය ගිලන්රථ සේවය පවත්වාගෙනයාම සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් අද (3) පරිත්‍යාග කළේය. 03 June 2022
දුමින්ද සිල්වා ‘ටිකට් කපා’ යළි රෝහල්ගත වෙයි බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා රෝහලෙන් නිදහස් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් අද (3) පස්වරුවේ සූදානම් වුවද හිටපු මන්ත්‍රීවරයාව නැවත රෝහල් ගත කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 June 2022
ඉන්දීය ආධාරවලින් ඩොලර් ලක්ෂ 50 ක් මිරිස් ගේන්න දීලා අත්‍යවශ්‍ය ආහාර ආනයනය කිරීම සඳහා ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 500 න් ඩොලර් මිලියන 5 ක් හෙවත් ඩොලර් ලක්ෂ 50 ක් එක ව්‍යාපාරිකයකුට පමණක් වියළි මිරිස් ආනයනය කිරීම සඳහා දී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කරයි. 03 June 2022
පොලිසියට තග දැමූ ඇමැති පුතාගේ වාහනය හමු වෙයි තංගල්ල බැදිගම අධිවේගී මාර්ග පිවිසුමේ දී පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කර සාපරාධී බලහත්කාරය පෑ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චී මහතාගේ පුත්‍රයා හා ලේලිය ගමන්ගත් කැබ් රථය මාතර මඩිහ ප්‍රදේශයේ විලා හෝටලයක සගවා තිබියදී අද දහවල් අත් අඩංගුවට ගත් බව දකුණු පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 03 June 2022
ලංකා ගුරු සංගම් සභාපතිට ඇප අනුරාධපුර පොතානේගම විද්‍යාලයේ ගුරුවරයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය. 03 June 2022
දුරකථන ගාස්තුත් ඉහළට විදුලි සංදේශ බද්ද අද (3) මධ්‍යම රාත්‍රීයේ සිට සියයට 15 ක් දක්වා ඉහළ දමන බව ජාතික විදුලිසංදේශ නියාමන කොමිසම පැවසීය. 03 June 2022
ඖෂධ නීතිගත සංස්ථාවේ පරිගණක පද්ධතිය ස්ථාපනය කළදා සිටම අක්‍රීයයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා රුපියල් කෝටි 65 කට ආසන්න මුදලක් වැයකර ස්ථාපනය කරනු ලැබූ පරිගණක පද්ධතිය එසේ ස්ථාපනය කළදා සිටම අක්‍රිය තත්වයේ පවතින බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් ) තොරතුරු අනාවරණය විය. 03 June 2022
‘කොවිඩ් අරමුදලේ කෝටි 180 බෙහෙත් ගෙන්වීමට ගන්න‘ කොවිඩ් අරමුදලේ ඇති රුපියල් කෝටි 180 ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට අද උපදෙස් දුන්නේය. 03 June 2022
‘හොඳටම කළොත් ආහාර හිඟය මාස 6යෙන් ඉවරයි‘ පොහොර,ඉන්ධන ඇතුළු මුලික අවශ්‍යතා වල හිඟය පියවීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගතහොත් දැනට පවතින අහාර හිඟය මාස පහ හයක් ඇතුළත පාලනය කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 June 2022
ගුවන් යානය තබා ගැනීම ලිඛිත එකඟතාවය බිඳීමක්? අයර්ලන්ත රක්ෂණ සමාගමකට වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රදවා ගැනීම පිළිබඳව දෙරට අතර මතභේදාත්මක තත්වයක් හට ගනිමින් පවතින බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි. 03 June 2022
‘21ට පයින් ගසා ආණ්ඩුව ඉතිහාසයේ කුණු බක්කියට ගමන් කරමින් සිටිනවා‘ ජනතා අපේක්ෂාවන්ට මුල්තැන දෙමින් සමගි ජනබලවේගය ඉදිරිපත් කර ඇති 21 වන සංශෝධනයට පයින් ගසා ආණ්ඩුව තවදුරටත් ඉතිහාසයේ කුණු බක්කියට ගමන් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා කොළඹදී පැවසීය. 03 June 2022
ගොවි විශ්‍රාම වැටුප බැංකු - තැපැල්හල් දෙකෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවි ජනතාවට මාසිකව පිරිනමන ගොවි විශ්‍රාම වැටුප බැංකුව වලින් ද ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයාට අද (03) උපදෙස් දුන්නේය. 03 June 2022
නයිනතිව් මුහුදෙන් පලිබෝධනාශක තොගයක් හමුවෙයි ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මගින් රැගෙනවිත් යාපනය නයිනතිව් මුහුදු ප්‍රදේශයේ අතහැර දමාගොස් තිබූ පලිබෝධනාශක තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ. 03 June 2022
කහඳගම රිමාන්ඩ් කොළඹ නාගරික මන්ත්‍රි මහින්ද කහඳගම ලබන 8 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය. 03 June 2022
‘බලධාරීන් දේශීය ඖෂධ නිෂ්පාදන අධෛර්ය කරලා‘ දේශීයව ‘කොලෙස්ටරෝල්’ පාලන පෙත්ත නිපදවා මසකට ඩොලර් 240000 ක් ඉතිරි කරගැනීමේ හැකියාව තිබියදී එය අධෛර්ය කර ඉන්දීයාවෙන් වැඩි මිලකට ඖෂධ ගැනීම පිළිබඳව සෞඛ්‍ය යාන්ත්‍රණ හසුරුවන ආයතන, ඒවායේ ප්‍රධානීන් සහ එම පත්වීම් ලබාදුන් දේශපාලකයන් සෘජුවම වගකිව යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය. 03 June 2022
යල කන්නයේ අස්වැන්න ගැන මහාචාර්ය මාරඹේගෙන් ප්‍රකාශයක් පොහොර ප්රශ්නය ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් මෙවර යල කන්නයේ අස්වැන්න අඩකින් පමණ පහළ බසිනු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පැවසීය. 03 June 2022
පොහොට්ටු පුංචි මන්ත්‍රී ඩිසල් සමග මාට්ටු පුත්තලම නගර සභා පොදුජන එක්සත් පෙරමුණු නාගරික මන්ත්‍රිවරයකුගේ නිවසේ ගබඩා කර තිබු ඩිසල් ලීටර් 212 සමග මන්ත්‍රීවරයා සැකපිට අත් අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 03 June 2022
ගුවන් සේවා ඇමැතිගෙන් ජපානයට පැමිණිල්ලක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව මගී පර්යන්ත සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල බරපතළ ප්‍රමාදය ගැන ජපාන රජයට පැමිණිලි කරන බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය. 03 June 2022
පානදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට පානදුර නිර්මල මාවතේ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පානදුර පොලිසිය කියයි 03 June 2022
‘ජපන් යන ලාංකිකයන්ට පාර කියන්න දොරටුවක්‘ ජපානයේ රැකියා වලට එන ලාංකිකයන්ගේ පහසුව සඳහා තොරතුරු පැකේජයක් හඳුන්වා දීමට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර තිබේ. 03 June 2022
මාස හයකදී කොරියානු රැකියා 5800 ක් දකුණු කොරියානු රැකියා සඳහා සුදුසුකම් ලබා සිටින ශ්‍රමිකයන් 5,800 ක් ඉදිරි මාස හය තුළ එරටට ගෙන්වා ගැනීමට කොරියානු බලධාරීන් එකඟතාව පළකර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. 03 June 2022
මල්වාන නඩුවෙන් බැසිල් - නඩේෂන් නිදහස් දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිශාල නිවෙසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපති විසින් අධිචෝදනා තුනක් යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නිඩේෂන් එරෙහිව පවරා ඇති නඩුවෙන් එම විත්තිකරුවන් දෙදෙනා නිදොස් කර නිදහස් කිරීමට ගම්පහ පූර්වගාමි මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නියෝග කළේය. 03 June 2022
ලාෆ් ගෑස් නැවක් හෙට එයි ලාෆ් ගෑස් සමාගම ආනයන කළ ගෑස් නෞකාවක් හෙට (4) ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ලාෆ් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 June 2022
උතුරු නැගෙනහිර වන රක්ෂිත කුඹුරු ඉඩම් වගාවට දෙයි උතුරු නැගෙනහිර පළාත්වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති කුඹුරු ඉඩම් වගාව සඳහා නැවතත් ගොවි ජනතාවට ලබා දීමට කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ. 03 June 2022
‘කූට වෙළෙඳුන්ට එරෙහිව ජනපතිගෙන් දැඩි පියවර‘ පවතින ආර්ථික තත්වය දඩමීමා කරගෙන පාරිභෝගික භාණ්ඩවලට හිතූ හිතු අසාධාරණ මිල ගණන් අය කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට ඊයේ (2) උපදෙස් දුන්නේය. 03 June 2022
‘ගෑස් පෝලිම්වල ඉන්න එපා‘ ගෑස් තොග නොමැතිවීම නිසා නැවත දැනුම් දෙන තෙක් ගෑස් සැපයීම නොවන බවත් ගෑස් බලාපොරොත්තුවෙන් පෝලිම්වල රැදී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ලිට්රෝ ගෑස් සමගාම පවසයි. 03 June 2022
ඇගළුම් බසය පෙරැලී 5ක් රෝහලේ පුත්තලම ඩිපෝ හංදියේදි ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අද(3 ) උදෑසන පෙරැලී යාමෙන් 5 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 03 June 2022
පයාගල මුහුදු වෙරලේ මළ සිරුරක් පයාගල මුහුදු වෙරළට පුද්ගල මළසිරුරක් අද (03) උදෑසන ගොඩගසා ඇති බව පයාගල පොලිසිය පවසයි. 03 June 2022
බේරුවල වෙඩිතැබීමක්:අයෙක් මරුට බේරුවල මොරගල්ල මරදාන පාරෙදි ලොරි රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි බේරුවල පොලිසිය කියයි 03 June 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026