
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පසුගියදා සම්මත කෙරුණු දේශීය ආදායම් (සංශෝධන) පනතෙන් පැනවුණු බදු (බදු සංශෝධන) ක්‍රියාත්මක වන්නේ ජනවාරි 1 වැනිදා සිට බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කිරීමත් සමග එම පනත් කෙටුම්පත පෙරේදා (19) සිට බලාත්මක විය.
කතානායකවරයාගේ සහතිකය සමග මෙම පනත් කෙටුම්පත නීති පද්ධතියට එක්වූයේ 2022 අංක 45 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙසය.
දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 42 කින් සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 83 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද හතළිස් එකක් පමණි .
ඉන්පසු පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහාද විරුද්ධ පාර්ශවය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 79ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද තිස් හයක් පමණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.