ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 3 ක් මරුට ඇමෙරිකාවේ පිලිඩෙල්පියා නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. එයින් මියගිය ගණන තුනකි. 11 දෙනෙක් තුවාල ලැබූහ. 05 June 2022
ෂාරුක් ඇතුළු නළු නිළියන් රැසකට ’කොවිඩ්’ බොලිවුඩ් රජු ෂාරුක් ඛාන් ද ඇතුළු බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියන් රැසකට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 05 June 2022
විදේශ ගමන් බලපත්‍ර 2,7000ක් විනාශ කිරීමෙන් කෝටියක පාඩුවක් භාවිතයෙන් ඉවත් කෙරුණු වර්ග අටක ගමන් බලපත්‍ර විසි හත් දහස් පන් සිය තිස් නවයක් 2020 වර්ෂයේදී විනාශ කිරීමෙන් රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි කෝපා කමිටුව පවසයි. 05 June 2022
කුලි රථ රියැදුරා කාන්තාවක සුද්ද කරලා ත්‍රීරෝද රථ රියදුරෙකු කුලී ගමනක් රැගෙන යන මුවාවෙන් කාන්තාවක සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ අටක රන් භාණ්ඩ මුදල් ඇතුලු දේපල රැසක් කොල්ල කා පළා ගොස් ඇතැයි ගොඩගම පොලිසිය කියයි. 05 June 2022
ලාෆ් ගෑස් මිල ඉහළට ලාෆ් ගෑස් සමාගම කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දමා තිබේ. 05 June 2022
කෝටි 4ක විදෙස් මුදල් රේගුවෙන් පන්නන්න බැරිවෙයි රුපියල් හාර කෝටි අට ලක්ෂ හතලිස් දහස් අටසිය අසූ හතරයි ශත තිහක් වටිනා විදේශ මුදල් තොගයක් සිය ගමන් මල්ලේ සගවා ගෙන ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද(05 ) අලුයම කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ . 05 June 2022
තැපැල් ගාස්තු සංශෝධනයට ඉල්ලීමක් තැපැල් ගාස්තු වහාම සංශෝධනය කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරයට නිර්දේශ ඉදිරිපත් කර ඇත. 05 June 2022
පෞද්ගලික බස් හෙට සීට සීමා කරයි බස් රථ ධාවනයට නිසි පරිදි ඩීසල් නොමැතිවීම හේතුවෙන් හෙට(6) සිට සියලුම පෞද්ගලික බස්රථ ධාවනය සීමා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී පැවසීය. 05 June 2022
එනසාල් කඩන්න ගිය පස්දරු මව අතුරුදහන් කොලොන්න සූරියකන්ද හිමිදිරි පෙදෙසින් එනසාල් කැඩීමට සිංහරාජ වනාන්තරයට ඇතුල් වූ පස් දරු මවක ඉකුත් (3) දින සිට අතුරුදහන් වී ඇතැයි සූරියකන්ද පොලිසිය කියයි. 05 June 2022
‘වගා නොකරන පෞද්ගලික ඉඩම් රජයට‘ වගා නොකර අතහැර දමා ඇති පෞද්ගලික ඉඩම් රජයට පවරා ගෙන වගා කරන පුද්ගලයින් සඳහා ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 05 June 2022
‘ආණ්ඩුව ඇතුළේ තවම සර්ව සර්වපාක්ෂික එකඟතාවක් නෑ‘ ආණ්ඩුව තුළ සර්වපාක්ෂික එකඟතාවක් තවමත් ඇතිකරගෙන නැතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. 05 June 2022
ගුවන් යානා හබයෙන් සිර වූ මගීන් යළි රුසියාවට ‘එරෝෆ්ලෝට්’ සමාගමේ ගුවන් යානයක් කටුනායක රඳවාගැනීමට නිසා දින දෙකක් ශ්‍රී ලංකාවේ සිරවී සිටි ගුවන් මගීන් 191 දෙනා එම සමාගමේ විශේෂ ගුවන් යානයකින් මොස්කව් නුවර බලා පිටත්කර හැරි බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය. 05 June 2022
වගා වන්දි ගැන කියා මහ කන්නයේ ගොවීන් රවටලා ගිය මහකන්නයේ වී වගාවට රසායනික පොහොර ලබා නොදීම නිසා වූ වගා හානියට වන්දි ගෙවන බව ප්‍රකාශ කළත් ඒ සඳහා එක සතයක්වත් වෙන් කර නැතැයි ද මුදල් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්රිකාවත්වත් ඉදිරිපත් කර නැතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති සකච්ඡාවකදී අනාවරණය වී ඇත. 05 June 2022
‘මහමැතිවරණය ජනමතවිචාරණය එකටම ඕනෑ‘ ජනතාව ඉල්ලා සිටින්නේ අලුත් ආණ්ඩුවක් සහ විධායක ජනාධිපති ධූරයේ බලය අඩු කිරීම හෙයින් මහමැතිවරණය සමග ජනමත විචාරණය එකට පැවැත්වීමෙන් ඒ අරමුණු දෙකම ඉටු කර ගත හැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 05 June 2022
‘සිකුරාදා‘ නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් කිරීමට යයි රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 05 June 2022
ගුවන් යානා ආරවුල ගැන විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක් එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එස්යු-289 ගුවන් යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රඳවා තබා ගැනීමට සම්බන්ධ නඩුව අයර්ලන්ත සමාගමක් වන සෙලෙස්ටියල් ඒවියේශන් සහ රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම අතර ඇති වූ වාණිජ ආරවුලක් හේතුවෙන් ගොනු කර ඇති බවත් මෙතෙක් අධිකරණය මෙම නඩුව සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 05 June 2022
ඉන්ධනහලේ ගැටුම රෝහලෙන් කෙලවරවෙයි කොට්ටාව අතුරුගිරිය පාරේ ඩීසල් පෝලිමක සිටි පෞද්ගලික බස් රථ සේවකයින් දෙපිරිසක් අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ තිදෙනෙකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලිසිය පවසයි . 05 June 2022
සාදයට මත් කුඩු ප්‍රවාහනය කළ තිදෙනාට වැඩවරදී බෙන්තර සංචාරක පුරවරයේ පැවැත්වෙන වෙරළ සාදයකදී අලෙවි කිරීමට දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා සුඛෝපභෝගී ජීප් රථයකින් රැගෙන යමින් තිබූ කුෂ් කොකේන් සහ හෑෂ් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි. 05 June 2022
බංග්ලාදේශයේ පිපිරීමක් 16 ක් මරුට බංග්ලාදේශයේ කන්ටේනර් ගබඩා සංකීර්ණයක සිදුවුණු පිපිරීමකින් 16 දෙනෙක් මියගියහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 450 කට වැඩිය. 05 June 2022
රත්මලානට ආ අමුත්තන් තිදෙනා යුරෝපා රටවල කෘෂිකාර්මික කටයුතු සහ ලැව් ගිනි නිවීමේ කටයුතු සඳහා යොදා ගැනෙන ඕස්ට්‍රේලියා එයාර් ට්‍රැක්ටර් (Air Tractor) AT-802 ගුවන් යානා තුනක් රත්මලාන පිහිටි කොළඹ ගුවන්තොටුපොළට අද අලුයම 3.25 ලඟා විය. 05 June 2022
ඇළට වැටී දරුවෙක් මරුට කිලිනොච්චිය, මරුදනගර් ප්‍රදේශයේ ඇළකට වැටී වයස අවුරුදු එකහාමාරක දරුවෙකු මියගොස් ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි. 05 June 2022
ලසිත් මාලංග වැඩ අල්ලයි සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන යොවුන් වේග පන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ නුවන් තුෂාර යන ක්‍රීඩකයන්ට පුහුණුවීම් ආරම්භ කළේය. 05 June 2022
ඛනිජ තෙල් සංස්ථාවට නව සභාපතිවරයෙක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ හිටපු සභාපති මොහොමඩ් උවයිස් මහතා පත්කර තිබේ. 05 June 2022
ලාෆ් ගෑස් සැපයුමත් ලබන සතියේ ඇරඹේ මාස තුනකට වැඩි කාලයක් අත්හිටුවා තිබු ලාෆ් ගෘහස්ථ ගෑස් සැපයුම එළඹෙන සතියේ ආරම්භ කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිළධාරියෙකු ලංකාදීපයට පැවැසීය. 05 June 2022
ඉන්ධන සැපයුමට නව සැපයුම්කරුවන් ඉන්ධන ලබාදීමට ඉදිරිපත් වී ඇති යෝජනා 90 ක් අතරින් තාක්ෂණික හා මූල්‍ය කොන්දේසි ඉටුකරන යෝජනා සමග ගිවිසුම්ගත ඉදිරි සතියේදී ගිවිසුම් ගතවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 05 June 2022
ලිට්රෝ ගෑස් මෙට්‍රික්ටොන් 2500ක් එයි ලිට්රෝ සමාගම ආනයනය කළ තවත් ගෑස් මෙට්‍රික්ටොන් 2500ක තොගයක් රැගත් නෞකාවක් ශ්‍රී, ලංකාවට ශ්‍රී ලංකාවට ළඟා වූ බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිළධාරියෙකු ’ලංකාදීප’යට පැවැසීය. 05 June 2022
‘ගොවි දුක ගැන අල්ලපු රටෙි හිත උණු වෙයි‘ ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ පවතින ගැටලුවලට විසඳා ගැනීම සඳහා ඉන්දීය රජය පූර්ණ සහයෝගය පළ කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ. 05 June 2022
සුමනා අමරසිංහ දිවි සිනමාවට සමුදෙයි ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 05 June 2022
පළාත් රැසකට අද වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (5) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 June 2022
මන්ත්‍රීවරුන්ට ‘‘වියත්පුරයෙන්‘‘ නිවාස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පවතින මාදිවෙල මන්ත්‍රී නිවාස ගරා වැටීමට ලක්වී ඇති නිසා,නාගරික සංවර්ධන අධිකාරිය සතු පන්නිපිටිය වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබ දෙන ලෙස ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දි ඇත. 05 June 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026