පක්ෂ නායක රැස්වීමක් අද සවස පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (07) පස්වරු 2.30ට පැවැත්වේ. 07 June 2022
මහ කන්නයට යූරියා ගන්න ඉන්දියාවෙන් ණය මාලාවක් ඉදිරි මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර ලබාගැනීම සඳහා බන්දීය අපනයන ආනයන බැංකුව මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණය මාලාවක් ලබාදීමට ඉන්දීය රජය එකඟ වී ඇතැයි බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 07 June 2022
රන්ජන්ට වසර 5ක අත්හිටවූ සිරදඬුවම් අධිකරණයට අපහාස කිරිමේ සිද්ධියට අදාල දෙවැනි නඩුවෙන් වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඬුවමක් වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) නියෝග කළේය. 07 June 2022
කබ්රාල්ට ඇප ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොතිසි මත අධිකරණයේ පෙනී සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් මිලියන 10 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (07) නියෝග කළේය. 07 June 2022
‘ඉදිරි මාස 6දී රට පත්වාගෙන යන්න නම් ඩොලර් බිලියන 6ක් ඕනෑ‘ ඉදිරි මාසයේ මාස 6 දී රට නොවැටී පවත්වා පවත්වාගැනීම සඳහා ඩොලර් බිලියන 6ක මුදලක් අවශ්‍ය වෙන බව වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 June 2022
පාර්ලිමේන්තු කැන්ටිමේ කෑම මිලත් ඉහළට පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාරවල මිල ඉහළ නැංවීමට කටයුතු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 07 June 2022
අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක් රටේ ආර්ථික තත්ත්වය සහ අර්බුදය සමනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරයි. 07 June 2022
බ්‍රිතාන්‍ය අගමැති විශ්වාසභංගය පරාජය කරයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් බලයෙන් පෙරපා දැමීමේ අරමුණින්, විපක්ෂය මැදිහත් වී පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුණු අතර, එය පරාජය කිරීමට අග්‍රාමාත්‍යවරයාට හැකියාව ලැබුණි. 07 June 2022
පොහොර ගන්න මුදල් වෙන් කරයි පොහොර ආනයනය සඳහා ඩොලර් ලක්ෂ 55ක මුදලක් වෙන්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 07 June 2022
සැප්තැම්බර් දක්වා අවශ්‍ය සහල් රට තුළ ලබන සැප්තැම්බර් දක්වා අවශ්‍ය සහල් තොග රට තුළ තිබෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පෙරේදා (06)ප්‍රකාශ කර ඇත. 07 June 2022
ලිට්රෝ ගෑස් අද බස්නාහිරට බෙදයි ලිට්රෝ ගෑස් සමාගම අද (7) දිනයේ කොළඹ, ගම්පහ සහ කළුතර (බස්නාහිර පළාත) යන දිස්ත්‍රික්ක තුනට පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර සැපයුම ක්‍රියාත්මක කරන බව එම සමාගම පවසයි. 07 June 2022
බස්නාහිර ඇතුළු පළාත් රැසකට විටින් විට වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (7) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 June 2022
විසිඑක ලබන සතියට කල් යයි විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන සතියේ දී සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් කල් තබනු ලැබ ඇත. 07 June 2022
වසරකට ඇමතිවරු නිකන් වැඩ කරති ඇමතිවරුන් වැටුප් නොගෙන වසරක කාලයක් කටයුතු කිරීමට ඊයේ(06) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත. 07 June 2022
ගුවන් යානය මුදා හැරියාට රුසියාවෙන් ප්‍රතිචාර එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එස්යු-289 ගුවන් යානය රඳවා ගැනීමේ සිද්ධිය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකා බලධාරීන්ට ස්තුතිය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 06 June 2022
“අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස ධුරයෙන් යන්න බැහැ’’ තමාගේ ධුර කාලයේ ඉතිරි වසර දෙක අවසන් කරන බවත් නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත. 06 June 2022
අධිවේගියේ පාට් දැමූ හිටපු ඇමති පුතාත් බිරියත් මාට්ටු දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම පිවිසුමේදී පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි තංගල්ල හිටපු නගරාධිපති සහ ඔහුගේ බිරිඳ වීරකැටිය පොලිසිය විසින් අද (06) සවස අත්අඩංගුවට ගන්නා ලදී. 06 June 2022
රන්ජන් ශාස්ත්‍රවේදී පළමු වසර අවසාන පරීක්ෂණයට ඉඳගනී බන්ධනාගාරගත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යලයේ ශාස්ත්‍රවේදි තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණය සදහා මෙම 11 - 18 යන දිනවල පෙනි සිටිමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 06 June 2022
දුම්රිය අවලංගු වී මගීහු පීඩාවට ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය කිහිපයක් අද (6) පස්වරුවේ අවලංගු කිරීම හේතුවෙන් මගීහු දැඩි පීඩාවට පත්වූහ. 06 June 2022
මිල වැඩිකිරීම ගැන ලාෆ් ගෑස් සමාගමෙන් කරුණු විමසයි ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් එම ගෑස් සමාගමෙන් කරුණු විමසන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම්දුන් බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (6) පැවසීය. 06 June 2022
රුසියානු ගුවන්යානය අරන් යයි උසාවි නියෝගයක් මත කටුනායක ගුවන්තොටුපලේ නවතාගෙන තිබූ රුසියානු ගුවන්යානය අද (6) පස්වරු 6.11ට මෙරටින් පිටත්ව ගියේය. 06 June 2022
හිටපු ජනපති මෛත්‍රීගෙන් පුටින්ට ලිපියක් රුසියාවේ එරොෆ්ලොට් ගුවන් යානයක් ශ්‍රී ලංකාව තුළ ගොඩබෑමෙන් පසු රඳවා තබාගැනීම රජය විසින් ගත් තීරණයක් නොව, එය සම්පූර්ණයෙන්ම අධිකරණමය කාරණයක් ලෙස සලකන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා වෙත ලිපියක් යොමුකරමින් කියා සිටියි. 06 June 2022
මෝදර වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට මෝදර රෙඩ්බානාවත්ත ප්‍රදේශයේ අද (6) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් (25) තරුණයකු මියගොස් ඇති බව පොලිසිය කියයි. 06 June 2022
රුසියාවේ ප්ලේන් එකේ ප්රශ්නය ඉවරයි එරොෆ්ලොට් ගුවන් යානයේ ප්රශ්නය අවසන් බවත් මෙරටට පැමිණෙන ගුවන් යානාවලට විවිධාකාරයේ බාධා ඉදිරියේදී ඇතිවීම වැළැක්වීමට පියවර ගන්නා බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 06 June 2022
ගාලුමුවදොර සිද්ධිය: මහින්දගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් අත්අඩංගුවට කොල්ලුපිටියේ දී සහ ගාලුමුවදොර දී ඉකුත් (9) ඇති වු ප්‍රචන්ඩකාරි සහ කළහාකිරී සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තංගල්ල ප්‍රදේශයේ දී අද (6) අත්අඩංගුවට ගනු ලැබීය. 06 June 2022
සිමෙන්ති කොට්ටයක මිල තවත් ඉහළට කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 කින් වැඩි කිරීමට සිමෙන්ති සමාගම් පියවරගෙන ඇති අතර ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 3,000 ක් බවට පත්ව තිබේ. 06 June 2022
ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනය නොවීමෙන් මගීන්ට පීඩා ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනය නොවීම හේතුවෙන් පාසල් දරුවන්, රැකියා සඳහා පිටත්ව යන පිරිස් සහ මගී ජනතාව අද(06) දිනයේ දැඩි පීඩාවට පත්වූහ. 06 June 2022
සිංහ-කැන්ගරු සටනේ ටිකට් ගන්න දිගු පෝලිම් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (7) පැවැත්වෙන පළමු විස්සයි20 ක්‍රිකට් තරගය නැරඹීම සඳහා අන්තර්ජාලයෙන් ප්‍රවේශපත් වෙන්කරගත් ප්‍රේක්ෂකයෝ එම ප්‍රවේශපත් ලබාගැනීම සඳහා මේට්ලන්ඩ් පෙදෙසේ පිටිහි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට අද (6) පෙරවරුවේ සිට දිගු පෝලිම්වල රැදී සිටියහ. 06 June 2022
මේ වසරේම ආර්ථිකය ගොඩගන්න සියලු දේ කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ තවත් විදෙස් ආධාර ලබාගෙන මේ වසරේදීම ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 06 June 2022
ගෝඨා ගෝ ගමක් හා හොරු ගෝ ගමක් ජිනීවාවල ශ්‍රි ලංකා ජනාධිපතිවරයාට සහ රට අහිමි ව ඇති ඩොලර් සංචිත නැවත පවරා ගන්නා ලෙසට බලකරමින් යුරෝපායේ වෙසෙන ශ්‍රි ලංකිකයෝ පිරිසක් ඊයේ (5) ජිනීවා එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුහ. 06 June 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026