පළාත් රැසකට අද වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (5) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 June 2022
මන්ත්‍රීවරුන්ට ‘‘වියත්පුරයෙන්‘‘ නිවාස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පවතින මාදිවෙල මන්ත්‍රී නිවාස ගරා වැටීමට ලක්වී ඇති නිසා,නාගරික සංවර්ධන අධිකාරිය සතු පන්නිපිටිය වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබ දෙන ලෙස ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දි ඇත. 05 June 2022
වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට අහංගම දික්කුඹුර මාර්ගයේ පාංචාලිය විදුහල අසලදි වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි. 04 June 2022
කෘෂි ඇමැති පස්සා දොරොන් පැන යයි අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාල අසලදී සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ හම්බන්තොට ගොවීන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයාට එල්ල වූ විරෝධයක් ඇමැතිවරයා විරෝධතාකරුවන්ට මුහුණ නොදී ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් වාහනයකින් කාර්යාලයේ පිටු පස දොරටුවෙන් පිටව ගියේය. 04 June 2022
21 අනිද්දා කැබිනට්ටුවට විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට අනිද්දා (06) ඉදිරිපත් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 04 June 2022
සැටලයිටි ෆොන් තුනක් සමග කුඩ්ඩෙක් අල්ලයි ගොතටුව බටලන්ද හේන පාර නිවසක දී හෙරොයින් සහ සැටලයිට් දුරකථන තුනක් සමඟ ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 04 June 2022
සදුදා සිට පැය දෙකකට වැඩි විදුලි කප්පාදුවක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මේ මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා සෑම දිනකදීම පැය දෙකයි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. 04 June 2022
නුවරඑළියේ බත් ගසට තහනමක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොස් ගස් කැපීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා විසින් නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත . 04 June 2022
රුසියානු ගුවන් යානය ගැන දිනේෂ්ගෙන් විශේෂ ඉල්ලීමක් ශ්‍රී ලංකාවේ රදවාගෙන සිටින රුසියානු ගුවන් යානය පිළිබඳ ප්රශ්නය වහාම විසඳීමට මෙරටබලධාරීන් කටයුතු කළ යුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 04 June 2022
නුවරඑළියේ ජනතාවට නොමිලේ මඤ්ඤොක්කා දඬු ආහාර අර්බුදයට විසඳුමක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට මඤ්ඤොක්කා දඬු නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරනු ලැබ ඇත. 04 June 2022
බාල බෙහෙත් කෝටි ගණනක් ගැබිනි මවුවරුන්ට පොවලා ගර්භනී මවුවරුන්ට සහ ඇතැම් රෝගීන්ට ලබාදෙන ෆෝලික් ඇසිඩ් පෙති( folic acid tablets BP1mg) කෝටි 55,245 කට වැඩි ප්‍රමාණයක් (මිලියන 552,452) තත්වයෙන් අසමත්වීම හේතුවෙන් ඉවත් කර ඇතත් ඒවා ඒ වනවිටත් රෝගීන්ගෙන් සියයට 98 කට ලබාදී තිබූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වේ. 04 June 2022
මැතිසබයේ ’’ඩෙසට්ටුව’’ ත් ’’කට්’’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට සේවකයන්ට සහ අමුත්තන්ට ප්‍රධාන ආහාර වේලෙන් පසු ලබා දෙන අතුරුපස ආර්ථික උද්ධමනය සැලකිල්ලට ගෙන එකක් දක්වා අඩු කර ඇතැයි වාර්තා වේ. 04 June 2022
ද්විත්ව පුරවැසිභාවයට අයදුම්පත් විසි දෙදහසක් හිරවෙලා ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම්පත්‍ර විසි දෙදහස් තුන් සිය අසූ අටක් (22,388 ) ලැබී ඇතත් විවිධ හේතු මත ඒවායේ කටයුතු නිම කිරීම ප්‍රමාද වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා ) තොරතුරු අනාවරණයවිය. 04 June 2022
චීනයෙන් දුන් ඖෂධ තොගයක් කටුනායකට චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය ඖෂධ 14 ක් ඇතුළු ඇමෙරිකානු ඩොලර් මිලියන 28 ක් වටිනා තවත් ඖෂධ සහ උපකරණ තොගයක් රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ළඟා විය. 04 June 2022
කොළඹ ගෙවල් තියෙන මන්ත්‍රීවරුත් මාදිවෙල ගෙවල් අරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් කොළඹ තමන්ට අයිති නිවාස තිබියදී මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන්ද නිවාස විවිධ ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් ලබාගෙන සිටින බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 04 June 2022
පිටි කෝච්චියට වල් අලි දෙකක් බිලි කොළඹ සිට ත්රිකුණාමළය දක්වා තිරිගු පිටි ප්‍රවාහනය කළ දුම්රියක තලපත්කන්ද දුම්රිපොළ ආසන්නයේදී වල් අලි දෙදෙනකු මරණයට පත්ව ඇති අතර තවත් එක් අලියකු තුවාල ලබා ඇතැයි ගල්ඔය පොලිසිය කියයි. 04 June 2022
ගෑස් පෝලිමේ රැය පහන් කළ අයෙක් පානදුර ගඟට බිලි පානදුර ගඟේ මුහුණ සෝදා ගැනීමට ගිය පුද්ගලයකු ගඟට වැටී අතුරුදහන්ව ඇති බවට ලද තොරතුරක් මත පානදුර ජීවිත ආරක්ෂක නිලධාරීන් ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි. 04 June 2022
රුසියාව ශ්‍රී ලංකාවට සිය අප්‍රසාදය පළ කරයි එරොෆ්ලෝට් ගුවන් සමාගමේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානයක් ශ්‍රී ලංකා බලධාරීන් රඳවා තබා ගැනීම පිළිබඳව රුසියාව සිය විරෝධතාව ඊයේ(03) ප්‍රකාශ කළේය. 04 June 2022
එරෝෆ්ලෝට් වාණිජ ගුවන් ගමන් අත්හිටුවයි එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකා වෙත සිදුකරන වාණිජ ගුවන් ගමන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 04 June 2022
අද රැයේ පැයක් අඳුරට හුරුවෙමු විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා අද (4) රාත්‍රී පැයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. 04 June 2022
පළාත් කිහිපයකට විටින් විට වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (4) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 June 2022
ශ්‍රී ලන්කන් ගුවන් ඉංජිනේරු සේවා තවත් පුළුල් වෙයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය සේවා සැපයීම තවත් පුළුල් කරමින් ඕමානයේ ප්‍රධානම ගුවන් සමාගමක් වන ‘සලාම්එයාර්’ ‘සී’ පරීක්ෂාව සාර්ථකව සම්පූර්ණ කිරීමට සමත්විය. 03 June 2022
අර්බුදය උග්‍ර වුණොත් වේල් දෙකකින් බඩවියත රැකගන්න වෙයි යුක්රේන රුසියා යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවත් උග්‍ර විය හැකි අතර, ලාංකිකයන් බොහෝ දෙනකුට දිනකට ආහාර වේල් දෙකකින් පිරිමසා ගැනීමට සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (3) පැවසීය. 03 June 2022
ක්‍රීඩා ඇමතිගේ වැටුප ක්‍රීඩා අරමුදලට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය අමාත්‍ය වැටුප ක්‍රීඩා අරමුදලට බැර කිරීමට තීරණය කර තිබේ. 03 June 2022
සිසුන් ගනිද්දී චක්‍රලේඛයත් කඩලා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛනය උල්ලංඝනය කර ඉකුත් වසර එකහමාරක කාලය තුළ ජනප්‍රිය පාසල්වලට සිසුන් විශාල පිරිසක් ඇතුළත් කර ඇතයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 03 June 2022
අනාරක්ෂිතව දියනාන අයට වැඩ වරදී ජල ගැලීම් පවතින අවස්ථාවල ජලාශ, දිය කඩිති, දිය ඇලි ආදියේ අනාරක්ෂිත අයුරින් දියනෑමේ සහ ජල ක්‍රීඩාවල යෙදී සිටින පුද්ගලයන් සම්බන්ධ තොරතුරු 117 ක්ෂණික දුරකතන ඇමතුම් අංකයට දැනුම් දෙන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දීමක් කරයි. 03 June 2022
වගා සංග්‍රාමයට අධ්‍යාපනයත් එකතු වෙයි රටපුරා සියළු පාසල් භූමි විශ්ව විද්‍යාල භූමි සහ විද්‍යාපීඨ භූමිවල ගෙවතු වගා සංග්‍රාමයක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 03 June 2022
විදේශගතවන්නට ‘සුහුරු’ කාඩ්පතේ රියදුරු බලපත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණ ‘සුහුරු’ කාඩ්පත් 50,000 ක පමණ ප්‍රමාණය විදේශගතවන්නට රියදුරු බලපත්‍ර ලබාදීමට යොදාගන්නා බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 June 2022
කොළඹ වරාය දකුණු ආසියාවේ කාර්යක්ෂම වරාය බවට පත්වෙයි ගෝලීය බහාලුම් වරාය කාර්ය සාධන දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීමට අනූව කොළඹ වරාය දකුණු ආසියාවේ සහ ඉන්දියානු උප මහාද්වීපයේ වඩාත්ම කාර්යක්ෂම වරාය බවට පත්වූවේය. 03 June 2022
‘බංගදෙණිය’ මරදානේදී පීලි පනියි කොළඹ කොටුවේ සිට පුත්තලම දක්වා ධාවනය වෙමින් තිබූ ‘බංගදෙණිය’ දුම්රිය මරදාන දුම්රිය ස්ථානයේදී මීට සුළු මොහොතකට පෙර පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය. 03 June 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026