(නිමල කොඩිතුවක්කු)
මත්ද්‍රව්‍ය සොයා දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමේදී හමුවෙන්නේ "හිස්" කෑම පෙට්ටි පමණයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පැවසීය.
රටේ පාසල් පද්ධතිය තොරතුරු තාක්ෂණයෙන්, පරිගණක විද්‍යාව, කෘතීම බුද්ධිය වැනි නව ප්‍රවණතාවලින් ශක්තිමත් කරනවා වෙනුවට වත්මන් රජය සිදු කරන්නේ මත්ද්‍රව්‍ය සොයා පාසල් යන දූදරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීම බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බලවතුන් අත්අඩංගුවට නොගෙන නිසි පෝෂණයක්වත් නොමැති පාසල් ළමුන්ගේ බෑග් පරීක්ෂා කිරීම විහිළුවට කරුණක් බවත් විපක්ෂ නායකවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක 45 වන සක්වල වැඩසටහනට සමගාමීව රුපියල් පනස් ලක්ෂයක් වටිනා බස් රථයක් කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයට පරිත්‍යාග කරමින් ඔහු මේ බව කීවේය.
පාසල් සිසුන්ගේ මන්දපෝෂණ තත්ත්වය ඉහළ ගොස් දෙමාපියන්ට කන්න දෙන්න විදිහක් නැති අවස්ථාවක ආණ්ඩුවේ කාර්යභාරය විය යුත්තේ පාසල් බෑග් පරීක්ෂා කිරීම නොව ඔවුන්ට නිසි පෝෂණයක් ලැබෙන වැඩපිළිවෙළක් සකස් කිරීම බවත් විපක්ෂනායකවරයා එහිදී පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.