
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සහ විපක්ෂනායක විජයානන්ද වෙඩිසිංහ මහතා
( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල මහ නගර සභාවේ පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2023 වසර සඳහා ඉදිරිපත් කරන අයවැය කෙටුම්පත වැඩි ජන්ද 7 කින් පරාජයට පත් විය.
කුරුණෑගල මහ නගර සභාවේ රැස්වීම් ශාලාවේදී අද පැවති විශේෂ මහ සභා රැස්වීමකදි කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා එම අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේය.
මෙය කුරුණෑගල මහ නගර සභාවේ පාලන කාලය අවසන් වීමට පෙර පොදුජන පෙරමුණේ පාලනය යටතේ ඉදිරිපත් කරන ලද අවසන් අයවැය කෙටුම්පත වීමද විශේෂත්වයකි.
අයවැයට පක්ෂව ජන්ද 7 ක්ද විපක්ෂව ජන්ද 14 ක්ද ලැබීම හේතුවෙන් අයවැය පරාජයට පත් විය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.