IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


ශූරයන් පිළිගන්න ඇවිත් ආජන්ටිනාව යුධ පිටියක් වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උත්සව අතරතුර සිදුවූ අනතුරු වලින් 24 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවත් තවත් අවුරුදු 5 ක දරුවකු කොමා තත්ත්වයට පත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සඳහා ඔවුන්ගේ බසය ගමන් ගන්නා මාර්ගය දෙපස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක් රැස් ව සිට ඇති අතර බසය ගමන් ගන්නා මාර්ගයට ඉහළින් තිබූ පාලමක සිට ආර්ජන්ටිනා කණ්ඩායම ගමන් ගත් බසයට ක්‍රීඩා ලෝලීන් පැනීමත් සමඟ ආර්ජන්ටිනා කණ්ඩායම ගුවනින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.

ක්‍රීඩා ලෝලීන් බසයට පැනීමට උත්සාහ කරන අතරතුර තවත් පිරිසක් පොලිස් මෝටර් රථයක් පැහැර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

පාලම මත සිට ක්‍රීඩා ලෝලියෙකු ආර්ජන්ටිනා කණ්ඩායම ගමන් ගත් බසයට පැනීමට යාමේදී බිමට ඇද වැටෙන වීඩියෝ දර්ශනයක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්ව ඇත. 

එසේම තවත් තරුණයෙකු ආර්ජන්ටිනා කණ්ඩායම ලෝක ශූරතාවය දිනීමේ සතුට සමරන අවස්ථාවේ හිසට සිදු වූ තුවාල හේතුවෙන් රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 19 වැනිදා මියගිය බව ආර්ජන්ටිනා සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.

ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ පෙළපාලිය ඉක්මනින් අවසාන වීම නිසා කෝප වූ ක්‍රීඩා ලෝලීන් විසුරුවා හරිම සඳහා ආර්ජන්ටිනා කැරලි මර්දන පොලිසිය කැඳවීමට සිදු වූ බව ආර්ජන්ටිනා බලධාරීහු පැවසූහ.

24 හැවිරිදි තරුණයා තම වහලට නැග ප්‍රීති ඝෝෂා නගමින් සතුට සමරා ඇති අතර එහිදී වහලය කඩා වැටීමෙන් අනතුර සිදු ව ඇති බවත් ආර්ජන්ටිනා මාධ්‍ය වාර්තා කර ඇත. 

එසේම 5 හැවිරිදි දරුවා තම දෙමාපියන් සමඟ උද්‍යානයක සතුට සමරින් සිටියදී ස්මාරකයක තිබූ කිරිගරුඬ කැටයක් ඔලුවට වැටීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් කොමා තත්ත්වයට පත්ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ආර්ජන්ටිනා මාධ්‍ය පෙන්වා දී තිබේ.

 



අදහස් (3)

ශූරයන් පිළිගන්න ඇවිත් ආජන්ටිනාව යුධ පිටියක් වෙයි

Rohana Wednesday, 21 December 2022 03:33 PM

ජයග්‍රනය සතුටින් සැමරීමට ගිහින් ජීවිත නැතිකරගන්න තරම් ආවේගශීලී මිනිසුන් බලනකොට ආර්ජෙන්ටිනාවෙත් ඉන්නවනෙ.

:       0       12

NimalWednesday, 21 December 2022 05:10 PM

ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සැලසුම් සහගතව කිරීමට හැකියාව තිබුණි. ක්‍රීඩා ලෝලීන් මුණගැසීමට ආර්ජන්ටිනාවේ විවිධ ප්‍රදේශයන් වෙත පැමිණෙන බව ලෝක ශූර කණ්ඩායමේ නායකයා හෝ ජනප්‍රියම ක්‍රීඩකයා රටට පැමිණීමට පෙර මාධ්‍ය මගින් ආර්ජන්ටිනා ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටියේනම් මෙවැන්නක් සිදුවීම වළක්වා ගත හැකිව තිබිණි.

:       7       3

Sam Thursday, 22 December 2022 11:05 PM

හයියෝ මෙහෙමත් මෝඩ මිනිස්සු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 177 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1040 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site