(අංජුල මහික වීරරත්න)

පෙබරවාරි මාසය වෙද්දී ලංකාවෙි මූල්‍ය තත්ත්වය මීට වඩා හොඳ වෙන්නට පුළුවන් බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

ඡන්දය යනු රටේ ජනතාවගේ ස්වර්ණමය අයිතිය බැවින්  ඡන්දය  නිසි කලට වේලාවට පවත්වන බව කී දිසානායක මහතා රටට අවශ්‍ය වී තිබෙන්නේ වෘත්තීයමය දේශපාලනඥයෙක් මෙන්ම රටට ආදරය කරන අර්බුද  කළමනාකරණය කළ හැකි නායකයෙක් බව කීය.

ඒ නිසා සමස්ත චිත්‍රය දෙස බලන්නේ නැතිව එක කෝණයකින් බලා නිගමනයකට එන්න එපා යැයිද සියලුම පාර්ශ්වයන් එකතු වී රට ඉදිරියට ගෙනයෑමේ වගකීම එක්සත් ජාතික පක්ෂයට තිබෙන බවද නවීන් දිසානායක මහතා පැවසීය. 

එක්සත් ජාතික පක්ෂය මීට පෙරත් සන්ධානගත වෙලා  ඉදිරිපත් වුණු පක්ෂයක් බවද ඒ කාරණය  පක්ෂයට වගේම තමාටත් වෙනසක් නැතැයි ද පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී නවීන් දිසානායක මහතා කීය .