
(නවරත්න සමරතුංග)
අක්කරපත්තුව අධිකරණ සංකීර්ණයට අයත් උඩුමහලේ පිහිටි ලේඛණාගාරය තු අද අළුයම 4-10ට පමණ හටගත් හදිසි ගින්නකින් නඩු කටයුතුවලට අදාල වටිනා ලිය කියවිලි රැසක් විනාශවී ඇති බව අක්කරපත්තුව පොලීසිය කියයි.
මෙම ගිනිගැනීම එහි නව ගොඩනැගිල්ලේ හටගෙන ඇති බව මුලින්ම එහි මුරකරුවකු දැක ඒ බව අධිකරණ පරිශ්‍රයේ ඇති ෙපොලිස් මුරපොලට දැනුම්දී ඇත.
ඒ අනුව අක්කරපත්තුව පොලීසියේ ජල බවුසරයක් සහ අක්කරපත්තුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ජල බවුසරක්ද එහි පැමිණි පොලීසිය සමඟ එක්ව දැඩි උත්සාහයක් දරමින් එම ගින්න නිවීමට පියවර ගෙන තිබිණී.
සිද්ධිය සම්බන්ධව අම්පාර මූලස්ථාන ෙපාලිසියේ පොලිස් නිල සුනඛ අංශය හා ඇඟිළි සලකුණු අංශය ඇතුළු විශේෂ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් එම ස්ථානයට කැඳවා විමර්ශන ආරම්භ කළ බව උසස් ෙපාලිස් නිලධාරියෙක් පැවැසීය.
එයට සමගාමීව ස්ථානීය පරික්ෂණයක් සිදු කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක්ද කැඳවීමට පියවර ගෙන ඇති බව එම පොලිස් නිලධාරියා කීය.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.