
(යොහාන් භාසුර)
ගල්අඟුරු ගැටලුව හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම කිසිවිටක එකවර අක්‍රීය නොකරන බවත් ඒ හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව පැය 8 ක් හෝ 10 ක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් පැන නොගනින අතරම එසේ වීමට ඉඩ නොතබන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (21) පැවසීය.
නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුන ලබන වසරේ අවස්ථා තුනකදී අලුත්වැඩියා කටයුතු සඳහා අක්‍රීය කිරීමට අවසර ඉල්ලා ඇති බවත් ගල්අඟුරු ගැටලුවත් සමඟ එම අලුත්වැඩියා කටයුත්තක් සඳහා එක ජනන යන්ත්‍රයක් පමණක් අක්‍රීය කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කීය.
එම ජනන යන්ත්‍රය අක්‍රීය කිරීම නිසා ජාතික විදුලි පද්ධතියට අහිමිවන මෙගාවොට් 270 ක පමණ විදුලි ප්‍රමාණය ඩීසල්, දැවිතෙල් සහ නැප්තා යන ඉන්ධන භාවිතයෙන් ජනන කරන බව කී අමාත්‍යවරයා දැනට ක්‍රියාත්මක පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුව තව දුරටත් වැඩි ක්ිරීමේ කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව ද සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.