IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


හිතාමතාම කොරෝනා බෝ කරගෙන

තමන් හිතාමතාම ‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා වයිරසය ආසාදනය කරගත් බව ජනප්‍රිය චීන ගායිකා ජේන් සෙන්ග් පවසා ඇත.

ජේන් සෙන්ග්, සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙසේ පැවැසීමත් සමඟ මහත් ආන්දෝලනතයක් ද නිර්මාණය විය.

තමන් හිතාමතා ‘කොවිඞ් 19’ ආසාදිතයකු බවට වූයේ, දැන දැනම ගොස් ‘කොවිඞ් 19’ ආසාදිත තම මිතුරන් පිරිසක් හමුවීමෙන් බව ද ජේන් සෙන්ග් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පවසා තිබේ.

මේ වනවිට චීනයේ ඉතා වේගයෙන් ‘කොවිඞ් 19’ වයිරසය පැතිර යයි. දිනකට ආසාදිතයන් 40,000 ක් පමණ වාර්තා වන බව චීන සෞඛ්‍ය අංශ පවසා තිබේ.

ජේන් සෙන්ග්, නව වසර උදාව සමරමින්, මහා සංගීත ප්‍රසංගයකට සහභාගී වීමට නියමිතව සිටී.

සංගීත ප්‍රසංගය පැවැත්වෙන දා තමන්ට ‘කොවිඞ් 19’ ආසාදනය වුවහොත්, එය සංගීත සංදර්ශනයට බාධාවක් බැවින්, ඊට පෙර තමන් කැමැත්තෙන්ම වයිරස ආසාදිතයකු වූ බවත්  සංගීත සංදර්ශනය පැවැත්වෙද්දී තමන්ට සුවය ලැබීමට කල්වේලා ඇති බවත් ජේන් සෙන්ග් පැහැදිලි කර තිබේ.

ආන්දෝලනයට හේතුවක් වී ඇත්තේ ජේන් සෙන්ග් කළ මෙම පැහැදිලි කිරීමය.

මේ වනවිට තමන් හුදෙකලා වී සිටින බවත්, ඇති තරම් ජලය පානය කරන බවත් විටමින් සී නියමිත මාත්‍රා ලබා ගන්නා බවත් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ජේන් සෙන්ග් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

හිතාමතාම කොරෝනා බෝ කරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 429 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2197 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site