(නිමල කොඩිතුවක්කු)
හොඳම දේ දරුවන්ට යැයි කියමනක් ඇතත් අපේ රටේ දරුවන්ට ලැබෙන්නේ හොඳම දේ දැයි රජයෙන් ප්‍රශ්න කර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21)පැවසීය.
පෝෂදායී ආහාර වේලක් නැති, අධ්‍යාපනයට අවශ්‍ය මෙවලම් ටික ලබාගන්නට නොහැකි දරුවන් සිටින රටක, හොඳම දේ දරුවන්ට යන ප්‍රකාශය අසත්‍යක් බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
කයිවාරු ගැසීමෙන් පමණක් දේශප්‍රේමය හෝ දේශාභිමානය ගොඩ නැංවිය නොහැකි බව බලධාරීන් අවබෝධ කරගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක 46 වන සක්වල වැඩසටහනට සමගාමීව රුපියල් පනස් ලක්ෂයක් වටිනා බස් රථයක් මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට අද පරිත්‍යාග කරනමින් ඔහු මේ බව පැවසීය.
ආණ්ඩුවට හිතවාදී 12 දෙනකු විසින් ඇමතිකම් ගැනීමට කෙළ හලමින් සිටින බවත් ඔවුන් එසේ ඇමතිකම් ගන්නේ ලක්ෂ 220ට සෙතක් කිරීමට නොව තමන්ගේ පවුලට හිතවත් පුද්ගලයන්ට තනතුරු තාන්න මාන්න ලබා දීමට බවත් විපක්ෂ නායකවරයා එහිදී කීවේය.
මේ තත්ත්වය පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය වෙනස් කර ඇති බවත් 225 වෙනුවට රටේ ලක්ෂ 220 ගැන සිතා සමගි ජන බලවේගය සෑම විටම කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.