(අංජුල මහික වීරරත්න)
දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළු මස් ප්‍රවාහනයට පනවා තිබූ තහනම ඉවත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් ඉකුත් දෙසැම්බර් 8 සහ 9 දින වල හදිසියේ මිය යාම හේතුවෙන් මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි එළු මස් සහ හරක් මස් ප්‍රවාහනය අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර තිබිණි.
අනතුරුව කළ රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වූයේ මෙම සත්ව මරණ වලට හේතුව හදිසියේ ඇති වූ ඇතිවූ සීතල කාලගුණය නිසා ඇතිවූ කම්පනය බවයි.
ඒ අනුව සත්ව මරණ වලට හේතුව වසංගතයක් නොවන බවට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.