(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු අනිද්දා(23) කොළඹට කැඳවනු ලැබ සිටිති.
මෙම රැස්වීම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අනිද්දා උදේ 10.00 ට පැවැත්වීමට නියමිතය.
සාකච්ඡාව සඳහා සියලුම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මෙසේ කැඳවනු ලැබ ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසිනි.
මැතිවරණය පැවැත්වීමට අදාල සියලු කටයුතු සම්බන්ධයෙන් මෙහිදී පුළුල්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.