(නිමල කොඩිතුවක්කු)
පොදු ක්‍රමවේදයක් ඔස්සේ සියලූම කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් ක්‍රමානුකූලව සිදු කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
විවිධ සමාගම් විසින් සිදු කොට ඇති ඉදිකිරීම් වලට අදාලව ගෙවිය යුතු බිල්පත්වල කල් ගතවීමේ ප්‍රමුඛතාවය අනුව බිල්පත් වල වටිනාකමට අදාළව ඉන් කොටසක් වසරකින් වසර දෙකකින් හෝ වසර තුනකින් කල් පිරෙන බැඳුම්කර මඟින් ගෙවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ව්‍යාපෘති වලට දායක වූ කොන්ත්‍රාත් සමාගම් වලට ගෙවිය යුතු හිඟ මුදල් ගෙවීම පිළිබඳ සෙත්සිරිපාය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදි ඔහු මේ බව පැවසීය.
මෙම ගෙවීම් සිදු කිරීමේදී කිසිදු දේශපාලන විශේෂත්වයකින් තොරව පොදු ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී තවදුරටත් කීවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.