
(විමුක්ති එස් රුද්‍රිගු)
තමන් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු නොගන්නා බව ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලයනල් මෙසී ඊයේ (18) පැවති ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසාන තරඟය ආර්ජන්ටිනාව ජයග්‍රහණය කිරීමෙන් පසුව පැවසුවේය.
තමන්ට ලෝක ශුරයකු ලෙස තවත් තරඟ කිහිපයක් ක්‍රීඩා කිරීමට අවශ්‍ය බව මෙසී ආර්ජන්ටිනාවේ මාධ්‍ය වෙත පවසා ඇත.
තමන් පාපන්දු ක්‍රීඩකයකුට ලබා ගත හැකි සෑම කුසලානයක්ම ලබා ගත් බවත් අඩුව තිබූ ලෝක කුසලානයද අවසානයේ දිනාගත් බවත් මෙසී ප්‍රකාශ කර තිබේ.
නමුත් මෙය තමන්ගේ අවසාන ලෝක කුසලානය වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ඔහු අඩිඩාස් ගෝල්ඩන් බෝල් සම්මානයද දිනා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"තණ්හාය ජායතී සෝකෝ. " දැන් ගියානම් ලස්සනට නම තියාගෙන ඉන්න පුළුවන්. ඕකේ ඉවරයක් නෑ. අන්තිමට චා වෙලා තමයි යන්න වෙන්නේ. අපේ රටේ දේශපාලන කට්ටියට වෙච්ච දේ පේනවනේ. තව ආසාව ඉවර නෑ.