
(ඩයනා උදයංගනී)
ජනතාවගේ කැමැත්ත දේශපාලනඥයන් වයස අවුරුදු 60න් විශ්‍රාමයාම නම් ඒ සඳහා ඉඩ ලැබෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වරදක් නැතැයි නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
නමුත් තමන් දන්නා පරිදි ලොව කිසිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක එවන් වගන්තියක් නැතැයි කී මන්ත්‍රීවරයා කවුරුන් නොකළත් අපේ රටට එය ගැලපෙනවා නම් එසේ කිරීමේ ප්‍රශ්නයක් නැතැයි ද සඳහන් කළේය.
එමෙන්ම තරුණයන් සතු නිර්මාණශීලී හැකියාවන් සහ ඔවුන්ට නායකත්වය දිය යුතු බව අරගලයේදී ද පැහැදිලි වූ බව ද ජී.එල් පීරිස් මහතා කීවේය.
එසේ වුවත් කිසිම පසුබිමක් පලපුරුද්දක් නැති අය ප්‍රධාන තනතුරුවලට පත්වීමෙන් වන මහා වින්නැහිය ද රට අත්විඳ ඇති නිසා තරුණ ජවයක් ඇති අය සමඟ අමාත්‍යාංශ මෙහෙයවා පලපුරුද්දක් ඇති අයත් සිටීම ශක්තියක් බව සිතන කොටසක් ද රට තුළ සිටින බව කී මන්ත්‍රීවරයා ඒ ගැන සංවාදයකට සූදානම් බව ද පැවසීය.
මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි කොල්ලෝ.. ඔයාලා වගේ තරුණයින් තමයි ඕනේ..!
ඔවු... සහෝදරයා...!
225 පලවා හැරීමෙන් පසු සංවාදයකට සූදානම්...!
ඒක අවබෝධ කරගත්තු එක බොහෝම හොඳයි... ඉතින් ආයුබෝවන්...
ඒක දැනගෙනත් තවමත් දඟලන්නේ කොහොමද? ඊළඟ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන්නේ කියලා නේද කල්පනා කරන්නේ? අනේ මහත්තයෝ ඕවාට තමයි වැදිබණ කියන්නේ...
තරුණ ජවය, යහපත් පුරවැසියන් කිරීම මුලින්ම ආරම්බ කල යුතුයි , නොම්බර 1 ටම දුෂිත රටක් කරන්න උදව් කරලා , දැන් තරුණයන්ට තැන දෙන්න කතා කරනවා ලජ්ජා නැතුව . මුලිම්ම විශ්‍රාම ගත යුත්තේ ඔබයි .
කිය කියා ඉන්නේ නැතිව ඔයා විශ්‍රාම යන්නකෝ.
ගැටඹේ හාමුදුරුවෝ මුන්දැට කියපුදේ මුන්දැ අපිට කියනවා මහත්තයෝ හාමුදුරුවෝ කිව්වෙ ඔහේටත් එක්කම තමයි එහෙම නැතුව ඔහේ හැර අනෙක් අයට නොවෙයි විශ්ව විද්‍යාලයේ හිටපු ගුරුවරයෙක් හැටියට ගුරුවරු නේද ඔවාදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියමන කරල පෙන්නන්න ඕන එනිසා කියනදේ ඔහේගෙන්ම ආරම්භ කරන්න .එහෙම කලොත් අනාගතයේ වත් ඔහේගෙ නම ආදර්ශමත් දේශපාලුවෙක් ලෙසට ජනතාව කියාවි
එකතමයි කියන්නෙ.. තමන්ගෙ ආචාර්ය පට්ටමෙ ගෞරවය තියාගෙන ගෙදර ට වෙලා සතුටින් කාලය ගතකරන්නෙ නැතුව ඔයත් ඔය කුනු ගොඩෙන් එලියට යන්න.. පිනාචාර්ය කෙනෙක් නෙමෙයි නෙ අර රජපක්ශ නරි පැටව් වගෙ. . අනිත් එක වයස් සිමවක් අනිවර්යයෙන්ම දාන්න ඔන.. අර අටවන පිනාවත් ගෙදර යවන්නම ඔන.. එතකොට වෙන රටවල ව්‍යවස්ථාවෙ තියෙනවද අධිකරණයෙන් මිනිමරුවෙක්, කප්පම්කාරයෙක් මාල කඩන හොරෙක් මන්කොල්ලකාරයෙක් කියල තීන්දු වෙච්ච උන්ට පාර්ලිමෙන්තු ගරු ආසනයක් දෙන්න පුලුවන් කියල? ඒ්වත් මෙහෙ විතරනෙ..