
(විමුක්ති එස් රුද්‍රිගු)
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ වසර 168 ඉතිහාසය තුළ ප්‍රථම වතාවට නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් එකම අවස්ථාවකදී ආචාර්ය උපධිය ලබා ගෙන ඇත.මෙම සොහොයුරියන් දෙදෙනා ශ්‍රී ලාංකික තරුණියන් වන අතර ඔවුන් නමින් නදීශා ගුණරත්න සහ තේජානි ගුණරත්න නම් වේ.
ලෝක නිවුන් දිනයට දවසකට පෙර ඉකුත් 17 වැනිදා මෙම ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරියන් දෙදෙනා තම ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත.ආහාර විද්‍යාව හා තාක්ෂණවේදය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් හැදෑරීමෙන් පසුව මොවුන් දෙදෙනා 2016 වසරේදී මෙලබර්න් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හැදෑරීම ආරම්භ කර තිබේ.
තේජානි ගුණරත්න ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරන අතර නදීෂා ගුණරත්න අධ්‍යයන විද්‍යාඥවරියක ලෙස කටයුතු කරමින් සිටී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරයි, ඒත් කොළඹ විශ්ව විද්‍යාලයට සහ පාසල් අධ්‍යාපනයට, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ගත්තු ජාත්‍යන්තර ණය ගෙවන්නේ මේ කන්නත් නැතිව ඉන්න අපේ රටේ මිනිස්සු...
ආඩම්බරයි දුවේ ඔයාලා දෙන්නා ගැන... රටේ නම තියාගෙන හැම දේකටම වාසනාවන්...!
ඔවුන්ගේ අනාගතයට සුබපතමු...!
සතුටුයි. සුබ පැතුම්.
ඒ රටවලට අන්තර මන්තර යන්තර නැති නිසා ළමුන් හොඳට ඉගෙනගන්නවා .අවුරුදු දහය පහලව එකම වසරේ ඉන්නේ නැහැ
ලංකාවේ MBA හෝ PHD වගේ ඖසි වල මැරෙන්න ඕනි නෑ.... නමුත් මෙල්බෝන් යුනි එකට යනවා කියන්නේ සල්ලි ගොඩක් ඔනී... අනිවා පෝසත් පව්ලක ළමයි කියලා ෂුවර්.... කෙසේ වෙතත් සුබපතනවා...යන්නනම් එපා ලංකාවට ....එක අපහු ගොඩ එන්නේ නෑ......
සුභ පැතුම්!
මේ රටෙන් තව දහසක් විද්යාඥයන් බිහි වෙන්න තියන අවකාශය වලක්වන විභහගයක් තමයි ielts විභාගය .ඕක හින්දා ස්කිල් වීසා එකක්වත් ගන්න බැරුව පසුතැවෙන දහසක් දෙනා ඉන්නවා.අමු කුහක විදිහට පවත්වන එක්සෑම් එකක් ලංකාවේ ielts එක්සෑම් එක.අනෙක් රටවල ielts එක්සැමිනර්ස් ලා ලමයව පාස් කරන්න හදද්දී මෙහෙ ඉන්න කුහකයෝ ඒකෙනුත් හම්බ කරගෙන කන්න බලනවා.මේවා වෙනස් කලොත් ඩොලර් ඕන තරම් ලැබේවි
අද අප රට වැටී ඇති උද්ධමයට, මේ දෙන්නා පමනක් නොවේ ලංකාවේ හැදී වැඩී, විදේශීය ධනවත් රට වලට ඡීවත් වී මුදල් උපයමින්, ලංකාවෙ ගත කල ඒ දුෂ්කර අතීතය අමතක කර ඉන්නා අයත් මතකයට ගන්නවා නම් අගෙයි තමා. දූලා දෙදෙනාට බුදුසරනයි!
මේ ඉගෙනගෙන පිටරට ගියා කියලා උගත් මිනිස්සුන්ටම බනින එක වැරැදියි. පොඩ්ඩක් හිතන්න මේ රටේ ජනතාව ඡන්දයක් ආවහාම උදෙන්ම ගිහින් පත් කරගන්නේ නූගත් හොරු ටිකක් විතරයි. උගත් මිනිහාට කොච්චර වුවමනාව තිබ්බා වුණත් රටට සේවයක් කරන්න හරි හමන් ඉඩක් තියෙනවද? තමන්ගේ වටිනා ජීවිත කාලේ නිකරුනේ රටටත්, තමන්ටත් ඵලක් නැතුව කා දමන්නයි වෙන්නේ...
ඉන්න හිතෙන, එන්න හිතෙන රටේ උපන් කෙනාට ද්විත්ව පුරවැසිකම දෙන්න ඩොලර් 2000ක් ගන්න ලංකාව... රන් බිජු දාන කිකිලි මරපු කතාව මේ මොංගල් දේශපාලුවන් අහලාම නැද්ද දන්නේ නැහැ.
මගේ හදපිරි සුබපැතුම්... ශ්‍රී ලංකා දියණිවරුන්ට..!