
(සුජිත් හේවාජුලිගේ)
අරගලයට සම්බන්ධ වුණේ අයිස් ගසා මත්වුණු පිරිසක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
කුඩු ගංජා අයිස් විකුණන පිරිසක් එම ද්‍රව්‍ය විකුණා ගැනීම සඳහා අරගලකරුවන් පාවිච්චි කළ බව පැවසූ අමාත්‍යවරයා ඇතැම් දේශපාලඥයන්ද සිය අරමුණු ඉටුකර ගැනීම සඳහා අරගලය පහත් ආකාරයෙන් යොදාගත් බව ප්‍රකාශ කළේය.
අද අරගලකරුවන් සත්‍ය පාපොච්චාරණය කිරීමට පටන් ගෙන ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
අරගලය ප්රජාතන්ත්රවාදී එකක් නොවන බවත් අහිංසක මිනිසුන්ගේ ගෙවල් ගිනි තැබීම ප්රජාතන්ත්රවාදය දැයි තමා ප්‍රශ්න කරන බවත් ඔහු කිවේය.
රණතුංග මහතා මෙසේ පැවසුවේ මිනුවන්ගොඩ වෙළෙඳ පොළ භූමියේ පැවති රැස්වීමකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මෙයාට ආයෙමත් පාර්ලිමේන්තු එන්න වෙන්නේ නැහැ කියලා තේරිලා මරු කියවනවා.
අරගල කළේ ’’අයිස් කාරයන්’’... ගෙන්වන්නේ " විසේ කාරයන් "... හා නැද්ද මං කියන්නේ..!
අරගල කාරයින්ට පහර දුන්නේ ලැජ්ජ නැති කප්පම් කාරයින්...
අයිස් කාරයින්, කප්පම් කාරයින් තමයි මේ රටේ අපරාධ කාරයින්...
මේ මනුස්සයාට හොඳටම පිස්සු...!
රට පාලනය කළේ කපටි සොරමුලක් සහ ඔවුන්ගේ සහචරයන් නිසා ඔවුන්ට අයිස් හැර වෙන විකල්පයක් නොතිබුණි.
ගෙන්වන්නේ රට පාලනය කළ කොල්ලකරුවන් සහ සොරුන්...
අහිංසක මිනිසුන්ගේ ගෙවල්? පල් හොරුන්ගේ මාලිගා ජනතාව ගිනි තැබුවා වෙන්න බැරිද?
නොදකින් හොරු...
කප්පම් නඩුවෙන් ළඟදීම නිදහස් වෙයි වගේ... මේ කාලකණ්ණි එකතුවෙලා රට කෑවා.
බඩගෝස්තර දේශපාලකයෝ, පවුලේ සහෝදරයෝ එක එක පක්ෂවලට බෙදිලා ජනතාව ගොනාට අන්දනවා.
අයිස් ගහනවා කියන්නේ, වැඩේ කරන්නේ නැති අයට..., මේ හාදයා අංක එකේ...
හැබෑවටම එහෙමද? ඒ වුණාට කප්පම්කරුවන් නම් තගදාලා කප්පම් ගන්නේ..
අර කිව්වත් වගේ මෙයාගේ ඇඟේ තරමට මොලේ තිබ්බා නම් කියලා හිතෙනවා. රටේ වගකිව යුතු ඇමැති කෙනෙක්නේ. ඉතින් අල්ලපල්ලකෝ අයිස් ගේන අයව. අපිද ඒක අල්ලගන්න ඕනේ..?
අයිස්කාරයින්, කුඩුකාරයින්... අරගලවලට සහභාගි වෙන්නේ නැහැ...! මේක මේ ජනතාව නොමග යවන්න කරන බොරු ප්‍රචාර... දැන් මේ ආණ්ඩුව විවේචනය කරන හැම කෙනෙක්ම අයිස්කාරයෙක් ...! දැන් තේරුණාද සෙල්ලම..?
ගෙදර යන්න කප්පන් තයිඩිය . මේ හොරා අයිස් විකුණන්න ඇති