
(අංජුල මහික වීරරත්න)
නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු විය.
වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාපතිවරයා ලෙස ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු නව නාවික හමුදාපතිවරයා සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා හමු වූ අතර ජනාධිපතිවරයා වෙත සමරු සිහිවටනයක් ද පිළිගැන්වීය.
මේ අතර නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද හමු වී සුහද කථා බහක නිරත විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"..ආ ...හොඳයි.. හොඳයි... තමන්ගේ ප්‍රධාන රාජකාරිය තමන් දන්නවද..?" " සර් මගේ රට විදේශීය ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා කිරීම ප්‍රධානයි" " නැහැ නැහැ වැරදියි.. තමන්ගේ ප්‍රධාන කාර්යය රටේ ප්‍රධානියා වන මේ මාව තමන්ගේ දිවි පරදුවට තබා ආරක්ෂා කිරීම..!! මතකද හිටපු අගමැති ගුටිකාලා මියයන්න නියමිත වෙලා තිබෙද්දී හිටපු නේවි ලොක්කා මිනිහව තිරිකුණාමලේට අරගෙන ගිහින් හංගාගෙන හිටියා.. අන්න ඒ වගේ රටේ අය මට ගහලා සම්බෝල හදන්න ලැහැස්ති වුනොත් ... තමන් වහාම මාව උස්සාගෙන ගිහින් හංගාගෙන ඉන්න ඕනෑ... තේරුණාද...? " " යස් සර් .."