(අංජුල මහික වීරරත්න)

රජයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී තරුණ රාජ්‍ය නිලධාරීන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට සූදානම් බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය.

 රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශාල බලපෑමක් සිදුකළ හැකි බව කී ජනාධිපති ලේකම්වරයා  ඒ සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදෙන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ බව  ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 2012 කණ්ඩායමේ හමුවක් අමතමිනි.

අභියෝග රැසක් මධ්‍යයේ වත්මන් ජනාධිපතිවරයා රටේ වගකීම බාරගත් බවත්, මේ වන විට ආර්ථිකය ක්‍රමානුකූලව ගොඩනඟමින් සංවර්ධිත රටක් බිහි කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.