
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.
සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට සංවිධානය කළ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය විවෘත කෙරුනේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිනි.
ජනාධිපති කාර්යාල අසල පිහිටි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක පිළිරුව අභියස පඩි පෙළේ අසුන්ගත් ජනාධිපතිවරයා කැරොල් ගී ප්‍රසංගය නැරැඹිය.හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර අමාත්‍යවරු ද ඊට එක් වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලකුණු දාගන්න දඟලනවා... නමුත් වැඩක් නැහැ..
රටෙ මෙච්චර ප්‍රශ්න තියෙනවා, මෙ මනුස්සයාට වගෙ වගක් නැහැ, පිට රට මල ගෙවල් මගුල්ගෙවල්වල යනවා, කැරොල් බලනවා, බන කියනවා - එයාට ෆුල් සොමි - අපි විතරයි කට්ට කන්නෙ.
මෙතන කැරොල් කියන්නෙ අරගල කරපු දුක් විදින ජනතාවට ඔච්චමට කියල තේරුනේ කාටද? මට නම් කැරොල් නෙමෙයි මතක් වෙන්නෙ. . " සමනල රෑණයි. . රෑ සඳ පානයි.." සින්දුව
පරිස්සමෙන් රනිල් මහත්තයෝ දෙපැත්තෙන් ඉන්න හරීන් ගෙනුයි .මනූෂ ගෙනුයි .ඔබ කිසිවෙකුට ජනවරමක් ඉදිරියේදී නොලැබෙන බව සිහිතබා ගන්න
කියන්නේ.. මර්සි කාරයා කියලනේ...
ෂෝ දානවා...