
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හංවැල්ල ආපන ශාලාවක හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදා ගත් බව බවට සැකකරන යතුරු පැදිය හංවැල්ල පහත්ගම අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී අද පස්වරුවේ සොයා ගත් බව පොලිසිය කියයි.
සොයාගත් එම යතුරු පැදියේ චැසි අංක සහ එන්ජින් අංක මකා දමා ඇති අතර ඉදිරි සහ පිටුපස අංක තහඩු ද නොමැති බවත් පොලිසිය කියයි.
යතුරු පැදියේ පැමිණි ඝාතකයන් යතුරුපැදිය එම ස්ථානයේ නතර කිරීමෙන් අනතුරුව අවට මිරිස්කුඩු හිස ඇතැයිද පොලීසිය කියයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවුන් සහෝදරයා මීට සති දෙකකට පමණ ඉහත දී කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකර තිබූ අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඝාතනයට ලක්වූ පුද්ගලයා පොලීසියට සහයෝගය ලබා දීම මෙම ඝාතනයට හේතු වන්නට ඇති බව බොහෝ දුරට සැකකරන සැක කරන බව පොලීසිය කියයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා හංවැල්ල පොලිසියේ සිවිල් ආරක්ෂක කමිටුවේ සාමාජිකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ආර්ථික ප්‍රශ්න වැඩි වෙනකොට මෙවැනි අපරාධ ඉබේම වැඩිවෙනවා .හැමදාම මිනීමැරුම් සහ මංකොල්ල .රට මේ තත්වයට පත් කරපු කාලකන්නි දේශපාලකයන්ට සොබාදහමින් පඩිසම් ලැබේවි