
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශීය ආදායම් (සංශෝධන) පනත අද (19) සිට බලාත්මක විය.
එම පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද අත්සන් තැබුවේය. පනත බලාත්මක වූයේ ඒ අනුවය.
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා වැඩි ඡන්දයෙන් සම්මත විය.
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද අසූ තුනක් ලැබුණු අතර ඊට විපක්ෂව ලැබුණේඡන්ද 41 ක් පමණි.
ඉන්පසු පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහාද විරුද්ධ පාර්ශවය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 79ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද තිස් හයක් පමණි.
මේ අනුව මෙම පනත් කෙටුම්පත 2022 අංක 45 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස අද සිට බලාත්මක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුගානෙ සජබෙ ටික හිටියා නම් පනත දෙවැනි වර කියවනකොට පරදවන්න තිබුණා... සජබ මිනිස්සුන්ගේ ප්රශ්න දිහා බලන්නේ කොහොමද කියලා දැන්වත් තේරුම් ගන්න..