(නිමන්ති රණසිංහ)
ධාන්‍ය ගබඩාවක් පවත්වා ගෙන යාමට අවශ්‍ය පරිසර බලපත්‍ර ලබාදීම සඳහා රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගත්තේ යැයි කියන හොරව්පතාන ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරිවරයා ලබන 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පී. ජේ. ප්‍රභාකරන් මහතා අද (19) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හොරව්පතාන ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරී කපුගොල්ලෑව පාර, හොරොව්පතාන පදිංචි හෂාන් ඉසුරු පල්ලියගුරුගේ නැමැත්තාය .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ ඉබ්බ්‍රාන් සායිදු මුහම්මදු නලීන් නමැති හොරොව්පතාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ පසුගිය 6 වනදාය. පසුව, කොමිසම සැකකරු කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි .
පැමිණිලිකරුගේ බිරිඳගේ සහෝදරයා ගේ නමින් සහනාධාර මාවත හොරව්පතාන පිහිටි ඉඩමක ධාන්‍ය ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පරිසර බලපත්‍ර ලබාදීමට ප්‍රාදේශීය සභාවේ කමිටුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගත්තේ යැයි සැකකරුට එරෙහිව අල්ලස් කොමිසම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ තරුණ ඉදිරිපත් කර තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂණය පිටුදැකිය යුතුමයි.. ඒත් කෝ මහාපරිමාණ වංචා, දූෂණ වලට ක්‍රියාමාර්ග..?
ඔය TO ලගේ කෙරුවාවල් තමයි. අනික් කාරණය 1967 කාලේ හම්බ පුළුටක් නොසිටි හොරොව්පතානේ දැන් හම්බ වෙළෙන්දෝ