තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට පත්වීමෙන් නාවික භටයෝ 33 දෙනෙක් අතුරුදන් වූහ.
අතුරුදන් වුණු පිරිස සොයා මෙහෙයුම් ආරම්භ කළ බව නාවික හමුදාව පැවැසීය.

අයහපත් කාලගුණය හේතුවෙන් අනතුරට පත්වූයේ එච්.ටී.එම්.එස් සුඛොතායි නෞකාවය. අනතුරට පත්වෙද්දී නාවික භටයෝ  නාවිකයන් 106 දෙනෙක් නෞකාවේ සිටියහ.

මුහුදට ගසාගෙන ගිය නාවික භටයන් තිදෙනකු බේරා ගැනීමට හැකිවී ඇති නමුත් ඔවුන්ගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි.
සැඬ සුළඟට සහ ධාරාණිපාත වර්ෂාවකට මැදිවුණු, මීටර 76.8 ක් දිග සුඛොතායි නෞකාවේ යාන්ත්‍රික පද්ධතිය ද අඩපණ වූ බව පැවැසෙයි. ඒ, ජලය කාන්දු වීමෙනි.

ටොන් 960 බර මෙම සුඛොතායි නෞකාව, 1987 දී තායිලන්ත නාවික හමුදාවට එක් කර ගත් බව ද පැවැසෙයි.

(රොයිටර්)