
(විමුක්ති එස් රුද්රිගු)
කොළඹ කොටස් වෙළෙඳ පොළේ විදේශ ශුද්ධ ආයෝජන ප්රමාණය වසර දහයකට පසු වාර්තා කළ ඉහළම අගය වාර්තා කිරීමට මෙම වසරේ සමත්ව ඇත.
කොළඹ කොටස් වෙළෙඳ පොළේ ශුද්ධ විදේශීය ආයෝජන ප්රමාණය වසර දහයකට පසු මෙම වසරේදී රුපියල් බිලියන 24.06 ක් ලෙස වාර්තා වී තිබේ.
මීට පෙර කොටස් වෙළඳපොලේ වැඩිම විදේශ ශුද්ධ ආයෝජන ප්රමාණයක් වාර්තා වූයේ 2013 වසරේදීය.එම වසරේදී රුපියල් බිලියන 22.07 ක් විදේශ ශුද්ධ ආයෝජන ප්රමාණයක් කොළඹ කොටස් වෙළඳපොළ ලබා ගෙන තිබුණි.
කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසය තුළ වැඩිම විදේශ ශුද්ධ ආයෝජන ප්රමාණයක් වාර්තා කළ වසර ලෙස 2012 වසර සැලකේ.එහිදී රුපියල් බිලියන 38.6 ක විදේශ ශුද්ධ ආයෝජන ප්රමාණයක් කොටස් වෙළඳපොළට ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් එක තව වැඩි වුණා නම් තවත් වැඩිවේවි.
2013 ඩොලරය 130 .... 2022 ඩොලරය 370.., රුපියල් වලින් නම් ආයෝජනේ වැඩිවෙලා. අනේද කියන්නේ?
සම්පූර්ණයෙන්ම මේ ඩොලර් එකේ අනාගත වටිනාකම ගැන හිතලා කරන කොටස් මිලදී ගැනීම්. අපි හොඳ නිසා එනවා නෙවෙයි මේ. මේක අනික් පැත්ත වුණා මැලේසියා වල 2008 අවුරුද්දේ. සේරම විදේශ ආයෝජන එක සැරේ එළියට ගියා. අපිටත් මේකම වෙනවා, ඩොලර් එක නිදහස් කරලා ස්වභාවික සමතුලිත මට්ටමකට ගියේ නැත්නම්. එක පාර වුණොත් අපි හයිටියට එහා යනවා.