(ඉන්දිකා රාමනායක)

රාජ්‍ය අංශයේ අන්තර් දෙපාර්තමේන්තු කණ්ඩයේ “ 2020 ජාතික ඵලදායිතා රන් සම්මානය” ශ්‍රි ලංකා ගුවන් හමුදාව හිමි විය.

ගුවන් හමුදාව 2015 සහ 2018 යන වසර වලදී මෙම සම්මානය දිනා ගැනීමට සමත් වු බවත් මෙවර ගුවන් හමුදාව මෙම සම්මානය හිමිකර ගත්තේ තෙවන වරට බවද ගුවන් හමුදාව පවසයි.

ඵලදායිතා රන් සම්මානය අඛණ්ඩව තෙවන වටත් දිනා ගැනීමට සමත් වු රාජ්‍ය ආයතනය වශයෙන් ගුවන් හමුදාව ඉතිහාස ගතවේ.

මෙම සම්මාන උළෙල පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යය මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ ප්‍රධානාත්වයෙන් අරලියග මන්දිරයේ දී පැවැත්විණ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ ස්ථාපිත ජාතික `ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් ජාතික `ඵලදායිතා සම්මාන උලෙළේ සංවිධානය කර තිබුණි.

ගුවන් හමුදාව විසින් දිනාගත් සම්මානය නිළ වශයෙන් ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා වෙත පළිගැන් වු බවද ගුවන් හමුදාව පවසයි.