
(නිමල කොඩිතුවක්කු)
වතුරට බිය නිසා පිස්සු බල්ලෝ නාවන්න බැරි ආකාරයෙන්ම මැතිවරණවලට බිය ආණ්ඩුව මැතිවරණ සඳහා රැගෙන යා නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
පොහොට්ටුවට හා එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ ජාමේ බේරාගැනීමට බැවින් ඔවුන් එකට එකතු වී හෝ මැතිවරණ පැවැත්වීමට මැලිකමක් දක්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පොහොට්ටුව එකතුවේ ජනාධිපතිවරයාට කප් එක ලබාදී පොහොට්ටු කැප් එකත් පළඳා ඇති බවත් ඔවුන් දෙපිරිසක් නොව එකම කණ්ඩායමක් බවත් බිංගිරිය සජබ ආසන බලමණ්ඩලය අමතමින් ඔහු පැවසීය.
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව දන්න කියන හැම කුමන්ත්‍රණයකම නිරත වන බවත් කිසිදු හේතුවක් නැති වුවහොත් කාලගුණයේ ප්‍රශ්නයක් හෝ කියා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි ද විපක්ෂනායකවරයා කීවේය.
සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සංවිධානය කළ මෙම හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන මොන බයිලා කිව්වත් වැඩක් තියෙනවද? දේශීය ආදායම් පනත කියන තොණ්ඩුව අපේ බෙල්ලට වැටෙන්න ඇරලා ආතල් ගත්තු මහලොකු විපක්ෂය.. රට හදන්න බලන් ඉන්නේ අපේ බෙල්ල මිරිකලා බදු ගහලද...?
මහදැන මුත්තයි, ගෝලයෝ ටිකයි දිනලා ආණ්ඩු හදලත් ඉවරයි. රට වටේ සමූපකාර ඡන්ද දිනන හින්දා ඕනෑවට වඩා ෆෝම් වෙන්න එපා. ඔයාවත් ඔයාගේ ගෝලයෝවත් නොවේ.. ඊළඟ තේරීම... රනිල් රාජපක්ෂලාගේම තැටියක් වෙන මෙයාට තාම තාත්තට හේත්තු නොවී නැගිටින්නත් බෑ...
ඒක තමයි එහෙනම් අර ඒ දණ්ඩේ යද්දී කකුල් දෙක මැඩ්ලින් ගැහුවේ. මම ඒත් බැලුවා පණ්ඩිතකමට වත්ද කියලා...!!!
විපක්ෂය ආණ්ඩු බලය ගන්න බයයි. ගෝඨා කථාකලාම අරගෙන කරන්න එපැයි
එතකොට ජනාධිපති කම නිකන් දුන්න ගන්න බය මොන බල්ලෝද ඩ්‍රයිවර් උන්නැහේ
ඇත්තම නායකත්වයට ඔයත් බයයි නේ. පහුගිය කාලයේ අපි දැක්කානේ..................