
(කේ බුද්ධික කුමාරසිරි)
ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය හෝමාගම පිටිපන ප්‍රදේශයේ ස්ථාපිත කිරීමෙන් පසු ශිෂ්‍ය සංගම්වල ග්‍රහණයට හසුව මුදා නොගත් ප්‍රදේශ බවට පත්ව තිබූ විශ්ව විද්‍යාල සිසු නේවාසිකාගාර ඉතිහාසයේ පලමු වරට විශ්ව විද්‍යාල පරිපාලනය යටතට ගෙන මුදා ගැනීමට හැකි වූ බව ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංස හිමියෝ පැවසූහ.
විශ්ව විද්‍යාලය දින නියමයකින් තොරව අද සිට වසා දැමීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන් වහන්සේ එම අදහස් පල කරන ලදී.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මහාචාර්ය නෙළුවේ සුමනවංස හිමියන් " විශ්ව විදළ්‍යාල අධ්‍යාපණය ලබන තරුණ භික්ෂූන් වහන්සේලා නව මගකට යොමු කර ගැනීමටත් ශාසනික පරමාර්ථ ඉෂ්ඨ කර ගන්නත් විශාල බලපෑමක් මෙමගින් ඉටු වේවි.
දින කිහිපයක් ඇතුලත සමස්ත විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලය විද්වතුන් ශාසන බළධාරීන් සමග සාකච්ඡා විශ්ව විද්‍යාල ආරම්භ කිරීමේ පරමාර්ථ වෙත නව දිශානතියකට රැගෙන යාමට කටයුතු කරනවා.
මේ ශිෂ්‍ය සංගම්වල මේ ක්‍රියාවන්ට යම් දේශපාලනික මැදිහත් වීමක් ඇතැයි සිතනවා. විශ්ව විද්‍යාල සිසුන් මෙහෙයවනු ලබන්නේ අපි නොව වෙනත් බළල් අතක් බවට අපට හැගෙනවා විශ්ව විද්‍යාලය තුලට දේශපාලන අතපෙවීම් තියෙනවා කියල හැගී ගොස් තිබෙනවා. විශ්ව විද්‍යාල දරැවන් හැර වෙනත් පිරිස් සිසු නේවාසිකාගාරවලට පැමිණීම වැළැක්වීමට අවශ්‍ය කටයුතු ඉදිරියේදි සිදු කරනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක වහලාම දාන්න. උගන්නන්න ඕනේම නම් ඒ ඒ ප්‍රදේශවල පිරිවෙන් කීපයකට අන්තර්ජාල පහසුකම් දීලා ඔන්ලයින් ක්‍රමයට උගන්නන්න. නේවාසිකාගාර අරින්නම එපා..!
මෙම ශිෂ්‍ය භික්ෂූන් විසින් ඉටුකරමින් සිටින්නේ බුද්ධාගමත් විනාශ කිරීමේ ක්‍රියාමාර්ගයක්ද? යන්න කණගාටුවෙන් වුවද විමසීමට සිදුව ඇත...
පරිපාලන දුර්වලකම් වහ ගන්න කියන කතා. හරි තීරන කල් ඇතිව ගත්තා නම් ඔහොම වෙන්නේ නෑ.
මෙ සරසවිය අනිත් සරසවි වලින් වෙනස් එකක් නේද? මෙතන පුහුනු කරවන විශයන් බෞද්ධ දර්ශනයෙන් පරිබාහිර ඒ්වද? මෙතනට හිමිවරුන් ඇතුලත් කර ගන්නකොටත් පොඩ්ඩක් ගතිගුන ගැන මනෝවිද්‍යත්මක පරික්ශනයක් පවත්වන්නෙ නැද්ද? මෙහි මුලික අරමුණ ධර්මදුතයනන්වහන්සේ පුහුණු කරන එක නේද? මට හිතෙනව මෙ සියල්ලම ආපහු පිලිවෙලක් කරලා මෙ විශ්ව විද්‍යාලය නැවත ආරම්භ කරනව නම් ඉතාම වටිනව කියල.. මම නම් කතොලික. අපෙ පියතුමන්ල පුහුණු කරවන සෙනමෙරි ගැන හිතලයි මම මෙහෙම කියන්නෙ.
ලංකාවෙ සෑම විශ්ව විද්‍යලයකම දේශපාලනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නිතියෙනම තහනම් කරන්ඩ අනික තමන් කරන විශයන් අවුරැදු ගනන් ඇද ඇද කිරීම නීතියෙන්ම තහනම් කරන්ඩ.
චීවරයක් දරන්නේ නිවන් මග අවබෝධ කරගන්න නම් ඇත්තටම විශ්ව විද්‍යාල මොනවටද? පාලි, සංස්කෘත භාෂාව මොනවටද සද්ධර්මය අවබෝධ කරගන්න.