සංස්ථාවට බැරිනම් පුද්ගලික අංශයට දෙන්න ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමට ඛනිජ තෙල් සංස්ථාවට නොහැකිනම් එම ඉන්ධන ආනයනය පෞද්ගලික අංශයේ පාර්ශවයකට ලබාදිය යුතු බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. 16 August 2022
මාධ්‍යවේදීන් සඳහා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයක් මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් ‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’ නමින් නව ආයතනයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 16 August 2022
කොවිඩ් මරණ තවත් 6ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් හයදෙනකු ඊයේ (15) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) පස්වරුවේ තහවුරු කළේය. 16 August 2022
පංචිකාවත්තේදී පොලිස් වාහනවලට පහර දුන් තවත් අයෙක් අල්ලයි මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේ දී නියෝජ්‍ය පොලිස්පති ටී.පී ගම්ලත් මහතාට සහ පොලිස් අධිකාරි නාලක සේනානායක මහතාට ඉකුත් මැයි මස (9) දින පහර දී ඔවුන් ගමන් ගත් මොටර් රථවලට පහර දී ගිනි තැබීම සහ පොලිස් අධිකාරිවරයා සතුව තිබු රාජකාරි ගිනි අවිය පැහැරගත් ගැනීම සම්බන්ධයෙන් සමග 31 හැවිරිදි තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුම මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 16 August 2022
ලාෆ් ගෑස් ටොන් 3,000ක් එයි ලාෆ් ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3,000 ක් රැගත් නෞකාවක් හම්බන්තොට වරායට අද (16) ළගාවූ බවත් එම ගෑස් තොගය එම වරායේ පිහිටි ලාෆ් ගෑස් පර්යන්තයට ගොඩබෑමට නියමිත බවත් ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියකු පැවසීය. 16 August 2022
විදුලි ත්‍රීරෝද රථයක් එළිදක්වයි ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ත්‍රීරෝද රථ සැපයුම්කරු වන ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම විදුලි ත්‍රීරෝද රථයක් අද (16) එළිදැක්වීය. 16 August 2022
ශ්‍රි පාද - නල්ලතන්නිය මාර්ගය දිගටම වහයි මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නායයාමට ලක් වු මස්කෙලිය ශ්‍රි පාද නල්ලතන්නිය මාර්ගය තවදුරටත් නායයාමට සක්‍රිය වි ඇති නිසා එම මාර්ගය දිගටම වසා දැමිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසයි. 16 August 2022
ගොවීන්ට තෙල් දෙන්න අලුත් නිලධරයෙක් පත්කරයි වගා කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සම්බන්ධීකරණයට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිලධාරියෙක් පත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 16 August 2022
දමිළ සංවිධාන හයක තහනම ඉවත් කළ හේතුව දෙමළ සංවිධාන හයක තහනම ඉවත් කර ඇත්තේ විදෙස් ආයෝජන ලබා ගැනීමේ අරමුණින් නොව ජාත්‍යන්තර ප්රඥප්තීන් අනුව ගත යුතු පියවරක් ලෙසින් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 16 August 2022
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව උද්ඝෝෂණයක දීමනා කප්පාදුව නතර කිරීම හා බැංකු ණය සහන ,රෝගීන් සඳහා නිර්දේශිත ආහාර වේල , ඖෂධ සල්ලි උපකරණ අඛණ්ඩව ලබා දෙන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද 16 පැවැත්විය 16 August 2022
කඩුවෙල පොලිස් ලොක්කාගේ ඥානයෙන් අපරාධයක් වැළකේ කඩු පොලු අතැතිව සුඛෝපභෝගී ජීප් රථයකින් පැමිණි තිදෙනකු තියුණු ආයුධ සහ හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කඩුවෙල පොලිසිය සඳහන් කරයි. 16 August 2022
ජැක්සන්ගේ කාරයේ ගැටුනු අලියා සෙවීම නවතියි ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ අනතුරට හේතුවූ වන අලියා සෙවීමේ මෙහෙයුම නතර කළ බව වනජීවී අධ්යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර මහතා පැවසීය. 16 August 2022
කෙලිගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට අරගලයට සහභාගී වීම හේතුවෙන් තමන්ව මෙරටින් පිටුවහල් කිරීමට ආගමන විගමන පාලකවරයා ගත් තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ස්කොට්ලන්ත ජාතික කෙළි ප්‍රේසර් මෙනෙවිය ගොනුකර තිබූ රිට් පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමීමට අභියාචනාධිකරණය අද (16) තීරණය කළේය. 16 August 2022
ඉන්දියාවේ නිදහස් සැමරුමට ඒකාබද්ධ සමරු මුද්දර ඉන්දියාවේ 75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා සහ ඉන්දීය තැපැල් දෙපාර්තමේන්තු ඒකාබද්ධව සමරු මුද්දර දෙක බැගින් නිකුත් කිරීමට තීරණයක් ගෙනතිබේ. 16 August 2022
වී අලෙවි මණ්ඩලයේ සහල් කිලෝව රුපියල් 5කින් අඩු කරයි වී අලෙවි මණ්ඩලය අලෙවි කරන සෑම සහල් කිලෝවක්ම අද (16) සිට රුපියල් 5කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 16 August 2022
ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ හඳුන්වාදීමට යයි ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්රමිතීන් හඳුන්වාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 16 August 2022
ජාතිය ගොඩනැගීමේ දී තම කාර්යය නිසි ලෙස ඉටුකරන්න ජාතිය ගොඩනැගීමේ කාර්යයේ දී තමන්ගේ කාර්යභාරය නිසි ලෙස ඉටුකරන ලෙස වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී ප්‍රකාශ කළේය. 16 August 2022
විමලවීර කලකිරෙයි ඉදිරි මහ මැතිවරණයට තමා ඉදිරිපත් නොවන බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය. 16 August 2022
වනජිවි වෙඩිල්ලෙන් අයකුට තුවාල කරුවලගස්වැව එරමුදුගස්වැව ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වනසත්ව නියාමකවරුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය කියයි. 16 August 2022
රාජ්‍ය ආයතන වල මුල් පුටු හිතුමතේ වෙනස් කිරීම නවත්වයි රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. 16 August 2022
ඉන්ධන මිලේ වෙනසක් නෑ ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලේ වෙනසක් නොවන බවත් සියලුම ඉන්ධන වර්ගවල පැවැති මිල තව දුරටත් ක්‍රියාත්මක බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය. 16 August 2022
ගිංතොට වැරදුණු කුරුමානම ගිංතොට පියදිගම සුදර්ශනාරාම මාර්ගයේ පිහිටි වෙළදසල් හිමියකුට යතුරු පැදියකින් ආ දෙදෙනකු වෙඩි තබා ඇතත් ඔහුට වෙඩි වැදි නොමැති බව ගාල්ල පොලිසිය පවසයි. 16 August 2022
යූරියා දෙවැනි නැවත් මෙි සතියේ එයි ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා දෙන යුරියා පොහොර වලින් මෙට්‍රික් ටොන් 21,000ක් සහිත දෙවන නෞකාව මෙම සතියේ කොළඹ වරායට ලඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 16 August 2022
අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි දිවයිනේ පළාත් කිහිපයකට අද (16) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 August 2022
යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාව මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට වරායට සේන්දු විය. 16 August 2022
හරක් කටා බේරා ගන්න කුඩ්ඩෝ සැලසුම් හදති ඩුබායි රාජ්‍යයේ දී එරට ආගමන විගමන නිලධාරීන් අත්අඩංගුවට ගත් නදුන් චින්තක හෙවත් හරක්කටා නැමැත්තා මෙරටට පිටුවහල් නොකරන ලෙසට එහි වෙසෙන මත්කුඩු ජාවාරම්කරුවන් නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීම් කිරීමට සුදානමින් සිටින බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. 16 August 2022
විසි දෙකට කඹ ඇදිල්ලක් විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කෙරුණු වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර කඹ ඇදීමක් හටගෙන තිබෙන බව වාර්තා වේ. 16 August 2022
නිමල් සිරිපාල සම්බන්ධයෙන් අල්ලස් විමර්ශනයක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව එල්ලවූ අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (15) විමර්ශනයක් ආරම්භ කළේය. 15 August 2022
පොලිසියෙ 7ක් නීතිඥවරු ලෙස දිවුරති පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන නිලධාරීන් හත් දෙනෙකු නීතිඥවරුන් වශයෙන් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයයේ දී දිවුරුම් දුන් බව පොලිස් මූලස්ථානය පවසයි. 15 August 2022
ශ්‍රී ලංකාව තව පහළට ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන එස් ඇන්ඩ් පී සමාගම ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම ’ඩී’ දක්වා පහත දැමූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.’ඩි’ ශ්‍රේණි ගත කිරීමෙන් අදහස් කරන්නේ ශ්‍රී ලංකාව බැඳුම්කර සඳහා මුදල සහ පොලිය ගෙවීම පැහැර හරින බවයි. 15 August 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026